මුදල් නීති පනතේ නියෝග අනුව ණය අනුපාතික ඉලක්ක සපුරාගැනීමට නොහැකි වූ බැංකු අටකට එරෙහිව පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, ඉන්දියන් ඕවර්සීස් බැංකුව, එම්.සී.බී. බැංකුව, පබ්ලික් බෑන්ක් බර්හාඞ්, ස්ටෑන්ඩර්ඞ් චාටර්ඞ් බෑන්ක්, අමානා බෑන්ක් සහ ඇක්සිස් බැංකු 2019 වසරේ අංක 2 දරන මුදල් නීති පනතේ නියෝගය සමඟ අනුකූල වීමට අපොහොසත් වී ඇති බවත් එබැවින් එලෙස එම බැංකුවලට එරෙහිව පියවර ගන්නා බව මහ බැංකුව නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.
මහජනතාවට අඛණ්ඩව ප්‍රතිලාභ හිමි කරදීම තහවුරු කිරීම සඳහා මෙම බැංකු සම්බන්ධයෙන් මෙන්ම මුදල් නීති පනතේ නියෝගයේ සඳහන් අනෙකුත් විධාන සපුරා නොමැති බලපත්‍රලාභී බැංකු සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව අදහස් කර ඇතැයි එහි සඳහන් වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වසරේ අප්‍රේල් 26 වැනිදා ප්‍රකාශයට පත් කළ වාණිජ බැංකු වල සතිපතා බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතික හා සැසඳීමේදී දෙසැම්බර් 27 වැනිදා වනවිට එම සතිපතා බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතික අවම වශයෙන් පදනම් අංක 250කින් පහළ දැමිය යුතු යැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
බලපත්‍රලාභී වාණිජ බැංකු රැසක් ඉහත නියෝගයට අනුව කටයුතු කර ඇති බව ද එම බැංකුව කියයි.
මුදල් නීති පනතේ නියෝගයට අනුව කිසිදු බලපත්‍රලාභී වාණිජ බැංකුවක් සිය බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය දැනට අඩු කළ මට්ටමට වඩා ඉහළ නොදැමිය යුතු බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
055
2025 දෙසැම්බර් මස 04
734
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුදල් නීති පනතට පිටුපෑ බැංකු 8 කට වැඩ වරදි
amila Wednesday, 01 January 2020 07:57 AM
ලක්ෂ ගානක් ස්ථාවර තැන්පතුවක් දාන්න හිටියේ. හොඳ වෙලාවට මේක කිව්වේ. දැන් දාන්නේ නෑ බැංකුවට සතයක්වත්......
saminda Thursday, 02 January 2020 05:51 AM
ඔය මුලින් තියෙන බැංකු දෙකම සමග මම ගනුදෙනු කර තියෙනවා දෙකම එකවගේ