IMG-LOGO

මෝදිගේ සංචාරයට පූර්ව සූදානමක් පාත්ෆයින්ඩර් පදනම උපාය මාර්ගික සංවාදයක් අරඹයි

ඉන්දියා - ශ්‍රී ලංකා සබඳතා ඉදිරියේ උපාය මාර්ගිකව වැදගත්වන ඉදිරි සැලසුම් සමාලෝචනය කරන විද්වත් සංවාදයක් පසුගියදා කොළඹ දී පැවැත්විණි. පාත්ෆයින්ඩර් පදනම සහ ඉන්දියාවේ අනන්තා ඇස්පන් මධ්‍යස්ථානය එක්ව මෙය සංවිධානය කළේය. 
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන මස මුල් සතියේ මෙරට සංචාරය කිරීමට නියමිතව ඇති අතර එයට පෙර එහි පසුබිම හා අන්තර්ගතය සලකා මෙම සංවාදය පවත්වන ලද බව පාත්ෆයින්ඩර් පදනම නිවේදනය කරයි. අනාගතයේදී ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාවලට සහ කලාපීය වශයෙන් වැදගත්වන නව අදහස් සැලකිය යුතු ලෙස මෙම උපාය මාර්ගික සංවාදය හේතුකොටගෙන ඉදිරිපත් වූ බව සැලකේ.  
අනන්තා ඇස්පන් මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය නවුෂාඩ් ෆෝබ්ස්, පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක, අනන්තා ඇස්පන් හි ප්‍රධාන විධායක ඉන්ද්‍රාන් භක්ෂි, ඇතුළු දෙරට නියෝජනය කරන විද්වත් කණ්ඩායමක් ද්වී පාර්ශවිකව වැදගත් වන ක්ෂේත්‍ර කිහිපයක් අලලා අදහස් ඉදිර්පත් කර ඇත. 
ලෝකයේ ප්‍රධාන බලවත් රාජ්‍යයන්  දකුණු ආසියානු කලාපයට එල්ල කර ඇති බලපෑම තුලනය කිරීම, ඉන්දු -ලංකා ධීවර ආරවුල, ඉන්දියන් සාගරයේ නාවික ගමනාගමනය සුරක්ෂිත කිරීම හා ආරක්ෂක සහයෝගීතාව, ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඉන්දියාවේ භූමිකාව සහ ඩිජිටල් පාලනයේ හොඳම භාවිතය හා තාක්ෂණය හැඩගැස්වීමට දෙරටටම පවතින අවස්ථා වැනි ද්වී පාර්ශවිකව තීරණාත්මක කරුණු සහභාගිකයන්  මෙහි දී සාකච්ඡා කර ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සැලැස්ම අවසන්වීමෙන් පසු ආර්ථික වර්ධනයක් අරමුණු කරගෙන දෙරට අතර තෝරාගත් ක්ෂේත්‍රවල සහයෝගීතාවක් ගොඩනැගීම කෙරෙහි ද මෙහි දී අදහස් හුවමාරු කරගෙන ඇති. බව පාත්ෆයින්ඩර් පදනම නිවේදනය කරයි.
ශ්‍රී ලංකා ඉන්දියා රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා සම්බන්ධයෙන් මෙරට හිටපු ඉන්දීය මහ කොමසාරිස් යශ්වර්ධන කුමාර් සිං මහතා අදහස් ඉදිරිපත් කරන ලද අතර ඉන්දියන් සාගර කලාපයේ උපායශීලී හවුල්කාරීත්වය මැයෙන් පාත්ෆයින්ඩර් පදනමේ අධ්‍යක්ෂ අහමඩ් ඒ. ජවාඩ් මහතා කරුණු දක්වා තිබේ. මෙම විද්වත් සංවාදය හා සමාන්තරව පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා ආරාධිතයන් සමග පසුගිය කාලයේ පාත්ෆයින්ඩර් හා අනන්තා ඇස්පන් සහයෝගීතාවෙන් සංවිධානය කළ සංවාද දෙකක ප්‍රගතිය සමාලෝචනය කරන ලද අතර හතරවැනි වටය සඳහා අවධානය යොමු කළ යුතු අංශ ගැන ද එහි දී අදහස් හුවමාරු කරගෙන තිබේ. 

 



අදහස් (0)

මෝදිගේ සංචාරයට පූර්ව සූදානමක් පාත්ෆයින්ඩර් පදනම උපාය මාර්ගික සංවාදයක් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 272 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 795 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1207 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site