IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


මෙඩිහෙල්ප් රෝහල - ඉන්දියාවේ ඇපලෝ රෝහල සායනික ගිවිසුමකට අත්සන් තබයි

මෙරට ප්‍රමුඛ පෞද්ගලික රෝහල් සමූහයක් වන මෙඩිහෙල්ප් රෝහල් සමූහය ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමූහය සමග උපායමාර්ගික සායනික හවුල්කාරිත්වයකට එළැඹෙයි. ඊට අදාළ අවබෝධතා ගිවිසුමට කොළඹ කිංග්ස්බරි හෝටලයේදී අත්සන් කරන ලදී. මේ යටතේ ඒකාබද්ධ සායනික කටයුතු, දැනුම හුවමාරු වැඩසටහන්, විශේෂ රැකවරණ පහසුකම්, රෝග වළක්වා ගැනීමට වන මුලපිරීම්, අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය යන අංශවලට අදාළ උපායමාර්ගික රාමුවක් නිර්මාණය කෙරේ.
මේ හරහා ගෝලීය වශයෙන් පිළිගත් පුරුදු ප්‍රවර්ධනය කරමින් මෙරට සායනික ප්‍රමිති ඉහළ නංවනු ඇත. මෙඩිහෙල්ප් රෝහලේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න සහ ඇපලෝ රෝහලේ ජාත්‍යන්තර උප සභාපති ජිතු ජෝස් අදාළ ගිවිසුමට අත්සන් තැබූහ. ඉහළ යන සෞඛ්‍ය අවදානම සහ නිරන්තරයෙන් වෙනස් වන රෝග රටා සැලකීමේදී මෙවැනි හවුල්කාරිත්ව අත්‍යවශ්‍ය බව නිශාන්ත ජයමාන්න පැවසීය. “උසස් සෞඛ්‍ය පහසුකම් සඳහා වන ප්‍රවේශය භූගෝලීය සීමාවලින් ඔබ්බට ව්‍යාප්ත විය යුතුයි. මෙම ඒකාබද්ධ මුලපිරීමේ කොටස්කරුවකු වීම අපට විශාල සතුටක් සහ ආඩම්බරයක්.” ජිතු ජෝස් පැවසීය.
මීට සමගාමීව අක්මා රෝගීන්ට ඍජු විශේෂඥ උපදෙස් ගත හැකි දුරකතන අංකයක් හඳුන්වා දෙන ලදී. චෙන්නායිහි ඇපලෝ රෝහලේ අක්මා බද්ධ කිරීම පිළිබඳ වැඩසටහන් ප්‍රධානී වෛද්‍ය එලන්කුමාරන් අක්මා බද්ධ කිරීම්වලට අදාළ නව ප්‍රවණතා පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කළේය. වැඩිහිටි පුද්ගලයන්ට හා ළමයින්ට කළ අක්මා බද්ධ කිරීම් පිළිබඳව අදහස් දැක්වූ ඔහු පැවැසුවේ Robotic-assisted Surgery වැනි උසස් තාක්ෂණික ක්‍රම නිසා ක්ෂේත්‍රය විශාල ප්‍රගතියක් ලබා ඇති බවයි. ඇපලෝ රෝහල අක්මා, වකුගඩු, හදවත්, පෙනහැලි බද්ධ කිරීම් කරන ලොව වඩාත් කාර්යබහුල රෝහල්වලින් එකකි. කොඳුඇට පෙළ ආශ්‍රිත ශල්‍යකර්ම පිළිබඳ විශේෂඥ වෛද්‍ය අප්පාජි ක්‍රිෂාන් එම ශල්‍යකර්මවලට අදාළව ලබා ඇති දියුණුව පිළිබඳව දැනුවත් කිරීමක් කළේ ඔහු ලැබූ සායනික අත්දැකීම් ද බෙදා ගනිමිනි. ඔහුගේ ඉදිරිපත් කිරීමට මෙරට රෝගීන්ට යොදා ගන්නා ස්කෝලියෝසිස් සුව කිරීමේ ක්‍රමවේද සහ ඇපලෝ රෝහලේ ස්ථාපනය කර ඇති අති නවීන Globus Robotic Spine System පිළිබඳ තොරතුරු ඇතුළත් විය. ප්‍රාථමික සෞඛ්‍යය, වසංගත සහ කොවිඩ් රෝග පාලන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ජ්‍යෙෂ්ඨ සර්වාංග රෝග විශේෂඥ වෛද්‍යවරු සහ අනෙකුත් වෛද්‍යවරු රැසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. 
දශක හතරකට වැඩි ඉතිහාසයක් සහිත මෙඩිහෙල්ප් රෝහල් සමූහය මධ්‍යස්ථාන 16 කින් සහ බහු විශේෂඥතා රෝහල් දෙකකින් සමන්විත මෙරට විශාලම ජාලයට හිමිකම් කියයි. එම රෝහලට අයත් ‘Revival’ මෙරට විශාලම භෞත චිකිත්සක සායන ජාලය වේ. ඉන්දියාවේ පළමු ආයතනික රෝහල ලෙස වෛද්‍ය ප්‍රතාප් රෙඩ්ඩි 1983 දී චෙන්නායිහිදී ඇරැඹූ ඇපලෝ රෝහල වර්තමානයේදී ආසියාවේ විශාලම සහ විශ්වාසනීයම රෝහල් සමූහය බවට පත් වී ඇත. ඊට රෝහල් 74 ක්, ඇඳන් 10000 ක්, 7000 කට වැඩි ඔසුසල් සංඛ්‍යාවක්, ප්‍රාථමික මධ්‍යස්ථාන 100 ක්, රටවල් 25 ක් පුරා විහිදුණු ටෙලිමෙඩිසින් ඒකක 100 කි.



අදහස් (0)

මෙඩිහෙල්ප් රෝහල - ඉන්දියාවේ ඇපලෝ රෝහල සායනික ගිවිසුමකට අත්සන් තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 664 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17747 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site