IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට

භානුක අමරසිංහ 


ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස දිලිප් සිල්වා මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව 2025 ජනවාරි 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ.

දිලිප් සිල්වා මහතා වර්තමානයේදී මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරයි. ඊට පෙර ඒ මහතා මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තු මෙහෙයුම්හි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේය. 
ශ්‍රී ලංකා ගණකාධිකරණ සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන දිල්ප් සිල්වා මහතා සතුව ගණකාධිකරණය සම්බන්ධයෙන් අත්දැකීම් රැසක් පවතින බව සමාගම පවසයි.

දිලිප් සිල්වා මහතා මේ වනවිට රාජ්‍ය මණ්ඩල සහ ආයතන රැසකම මහා භාණ්ඩාගාර නියෝජිතයා ලෙස කටයුතු කරයි. සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ජාතික ලොතරැයි මණ්ඩලය, ජාතික විද්‍යා පදනම, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය - විගණන සහ කළමනාකරණ කමිටුව ඒ අතර වෙයි.

වර්තමානයේදී ඒ මහතා මහා භාණ්ඩාගාරය නියෝජනය කරමින් රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙසද කටයුතු කරයි.



අදහස් (0)

භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site