IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බහුවිධ ක්ෂේත්‍ර පර්‌යේෂණ පිළිබඳ ගෝලීය සම්මේලනයක්

නව්‍යකරණය හා දැනුම හුවමාරුව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව ප්‍රමුඛ පෙළේ විද්‍යාර්ථීන්, පර්‌යේෂණයන් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඒකරාශී කරමින් බහුවිධ ක්ෂේත්‍ර සඳහා වන පර්‌යේෂණ පිළිබඳ ගෝලීය සම්මේලනය - 2025 (GCMR) සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේදී පසුගියදා ආරම්භ කෙරිණි. 

මෙම අවස්ථාව අධ්‍යාපනික සහයෝගීතාවේ සහ දැනුමේ කැපී පෙනෙන සලකුණක් සනිටුහන් කළ අතර විද්‍යාර්තීන්, කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයන් ඒකරාශී කිරීම මෙහිදී සිදු විය. අධ්‍යයන පර්‌යේෂණවලදී ගෝලීය සහයෝගීතාව අවධාරණය කරමින් එක්සත් රාජධානියේ Wolverhampton විශ්ව විද්‍යාලයේ සම්භාවනීය නියෝජිත‍යන් සහ එක්සත් රාජධානියේ Pearson Education හි ප්‍රමුඛ නියෝජිතයන් විසින් මෙම අවස්ථාව වර්ණවත් කරන ලදී. 

ගුණාත්මක අධ්‍යාපනික පාඨමාලා පවත්වා ගෙනයාම සහ අනාගත නායකයන් බිහි කිරීමේ ලා දක්වන කැපවීම යන කාරණා සම්බන්ධයෙන් Achievers International Campus කීර්තියක් දරයි. ගෝලීය සහයෝගීතාව දිරි ගන්වමින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිදු කරනු ලබන පර්‌යේෂණ සහ අධ්‍යාපනය කෙරෙහි දක්වන සහයෝගය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලය දක්වන කැපවීම GCMR සම්මේලනයේදී ඉස්මතු කරන ලදී. Achievers International Campu හි මණිමාරන් මහේශ්වරන් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.”‍ගෝලීය පර්‌යේෂණ සම්මේලනය මෙතරම් උත්කර්ෂවත් අන්දමින් ආරම්භ කිරීමට හැකි වීම පිළිබඳව අපි ඉතාමත් සතුටට පත් වෙමු. මෙම වේදිකාව තුළින් තහවුරු කරනුයේ ජාත්‍යන්තර හවුල්කාරිත්වය ඇති කිරීම සහ අධ්‍යාපනික විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීමෙහි ලා අප දක්වන කැප වීමයි.”‍

උත්සවයේ ප්‍රධාන අංගයක් වූයේ පර්‌යේෂණ ප්‍රජාව වෙත සිදු කරන ලද වටිනා දායකත්වයන් සඳහා කීර්තිමත් මහාචාර්යවරුන් දෙපලක් වන මහාචාර්ය බණ්ඩාර වන්නිනායක සහ මහාචාර්ය නිශාන්ත සම්පත් පුංචිහේවා ඇගයීමට ලක් කිරීමයි. සම්මේලනයේ නල වෙබ් අඩවිය ආරම්භ කිරීමද මෙහිදී සිදු විය. 



අදහස් (0)

බහුවිධ ක්ෂේත්‍ර පර්‌යේෂණ පිළිබඳ ගෝලීය සම්මේලනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 235 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 72 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site