IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


බිස්නස් නෑ කියල කියන්නත් බෑ

ඕලන්ද යුගයේ ‘අවුද් ස්ටාද්’ යනුවෙන් හැඳින්වූ පෙදෙස බ්‍රිතාන්‍ය යුගයේ දී Pettah  නමින් හැඳින්විණි. මෙම Pettah  හෙවත් පිටකොටුව කොළඹ නගරයේ කාර්යබහුලම තැන බව අමුතුවෙන් කිවයුතු නැහැ. පිටකොටුවේ වීදී අතරින් ශාන්ත ජෝන් වීදීය යනු 19 වැනි ශතවර්ෂය අවසාන කාලය වනවිට කොළඹ ඉතා කාර්යබහුල වරාය සහ වෙළෙඳ නගරයකි.
 පිටකොටුව ශාන්ත ජෝන් වීදිය එම යුගයේ කොළඹ සිටි ස්වදේශික ජනයාගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය ආහාර, රෙදිපිළි ඇතුළු සිල්ලර භාණ්ඩ විකිණීමට තිබුණු ප්‍රමුඛතම වෙළෙඳපොළ බව සටහන් වේ. 1894 වසරේදී සුප්‍රකට ‘ශාන්ත ජෝන් වීදියේ මාළු වෙළෙඳසල’ ඉදිවන්නේ එම වීදියේ මුහුද දෙසට ඇති කෙළවර ආසන්නයේ. එම වීදිය නිතරම ජනයාගෙන් පිරී පැවතුණු බවත්, උදෑසන සහ සවස මාළු ඔරුවලින් අලු‍ත් මාළු රැගෙන එන වේලාවලදී එම වෙළෙඳසලින් නැගුණු අති මහත් ඝෝෂාව පිළිබඳවත් එම යුගයේ ශාන්ත ජෝන් වීදිය ගැන ලියවුණු සටහන්වල විශේෂයෙන් සඳහන් වේ. මේ දිනවල බිස්නස් පිළිබඳව දැන ගැනීමට අපි ගොඩ වූයේ ශාන්ත ජෝන් වීදීයේ වී. චාර්ල්ස් මහතාගේ නිව් ඕපාත වෙළෙඳසල වෙතයි.

Q: මේ දිනවල බිස්නස් කොහොමද?
අපි විකුණන්නේ තොග බඩු. හකුරු, තේ කොළ, කුරුඳු වගේ දේශීය නිෂ්පාදන තමයි අපි විකුණන්නේ. ආනයනික භාණ්ඩ මොකුත් අපි විකුණන්නේ නෑ. සේවකයෝ හතර දෙනෙක් සේවය කරනවා. මේ දවස්වල බිස්නස් ගැන කියනව නම් බිස්නස් නෑ කියන්නත් බෑ. සාමාන්‍ය විදියට තියනවා. රාමසාන් එකත් එනවා ඉස්සරහට. එකක් එක්ක බිස්නස් වැඩිවෙයි කියල බලාපොරොත්තු වුණා. 


Q: බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
මිනිස්සු ළග සල්ලි නැති එක තමයි හේතුව. මේ තියන අර්ථික තත්වේ එක්ක බඩුත් ගණන් වැඩියි. අඩු ගාණට ගන්න කියල මොකුත් බඩු නෑ. පහුගිය කාලේ කොරෝනා එක්ක ඇති වුණු ආර්ථික අර්බුදයෙන් පස්සේ වැඩි වුණ බඩු මිල තාම පාරිභෝගිකයට දැනෙන තරමට අඩු වෙලා නෑ. ඒ නිසා පරිභෝගිකයන්ට බඩු ගන්න වුවමනාව තිබ්බත් තමන්ට ඕන විදියට බඩු ගන්න බෑ. ගොඩක් අය පිටකොටුවට එන්නෙම අඩුවට බඩු ගන්න. ඒ ආවත් හැම කඩේකින්ම ගණන් අහලා අඩුම තැනින් තමයි ගන්නේ. ගොඩක් අය ඇවිල්ල බඩු මිල අහලා බඩු අතගාලා යනවා විතරයි ගන්නේ නෑ. ඒ නිසා බිස්නස් අඩුයි. ඉස්සරහට එන උත්සව සමයේ නම් බිස්නස් වැඩිවෙයි. මොකද ඕනම කෙනෙක් උත්සව සමයට ණයක් වෙලාහරි ඕන කරන බඩු ගන්න නිසා. 
ශෂිකා අබේරත්න

ඡායාරූප- සුමුදු හේවාපතිරණ



අදහස් (0)

බිස්නස් නෑ කියල කියන්නත් බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 721 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1135 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site