දේශීය මුං ඇට අස්වැන්න වියලන අයුරු
දඹුල්ල කාංචන කුමාර අරියදාස
දේශීය මුං ඇට අස්වැන්න ලැබී මාස ගණනාවක් තිස්සේ නිසි මිලකට විකුණා ගැනීමට නොහැකි වීම නිසා මුං ගොවීහු දැඩි අසීරුතාවකට පත් සිටිති. මේ වනවිටත් පසුගිය කන්නයේ මුං ඇට අස්වැන්න නිවෙස්වල තබාගෙන දෙවැනි කන්නයේද අස්වැන්න ලැබීමට ආසන්නව තිබෙන බවත් පෙන්වා දෙන ගොවීන් විදේශීය රටවලින් මුං ඇට ගෙන්වීම නිසා මෙම බරපතළ තත්වයට මුංගොවින් පත්ව ඇති බව මාතලේ විල්ගමුව ප්‍රදේශයේ ගොවීහු චෝදනා කරති.
මාතලේ විල්ගමුව ප්‍රදේශයේ ගොවීහු බහුලව දේශීය මුං ඇට, කවුපි, උඳු ,තල ආදී ධාන්‍ය වර්ග වගා කරති. ගොවින් සඳහන් කරන්නේ මේ වන විට විදේශීය රටවලින් ගෙන්වන ලද මුං ඇට විශාල වශයෙන් වෙළෙදපොළේ පැවතීම නිසා තමන් දේශීයව නිෂ්පාදනය කරන මුං ඇට කිලෝවක් රුපියල් හාරසියක මිලකටවත් අලෙවි කර ගැනීමට නොහැකි බවය.
ඒ අනුව තම නිෂ්පාදන නිවෙස්වල ගොඩ ගසාගෙන ඇත්තේ පසුගිය වසරේ දහවැනි මාසයේ සිට බවද ඔවුහු කියති. කිසිදු පාලන සමයක මුං ඇට අලෙවි කර ගැනීමට නොහැකිව ගොවීන් අපහසුතාවට පත්නොවූ බවත් සෑම වසරකම රුපියල් දහසක පහළ මිලයකට මුං ඇට අලෙවි වූ බවත් ඔවුහු පෙන්වා දෙති.
කෙසේ වෙතත් මෙවර විදේශ රටවලින් මුං ඇට ගෙන්වීම සඳහා අවසරය ලබාදීම නිසා කොළඹ වෙළෙඳපොළේ විශාල වශයෙන් මුං ඇට ගෙන්වා ගබඩා කර ඇතැයි ද මුං ගොවීහු පෙන්වා දෙති.
කෘෂිකර්ම හෝ කිසිදු බලධාරියකු මේ පිළිබඳව අවධානයක් යොමු නොකිරීම බරපතළ ප්‍රශ්නයක් බවත් මුං ඇට වගා කිරීම සඳහා විශාල මහන්සියක් ගොවීන්ට දැරීමට සිදුවන බවද ඔවුහු පෙන්වා දෙති. මුං ඇට බීජය බිමට දැමූ දවසේ සිට විශාල මිනිස් ශ්‍රමයක් යෙදවීමට සිදුවෙයි. කිසිදු යන්ත්‍ර සූත්‍රයක් නොමැතිව අතින් කරල් කඩා වියළා ඒවා පියලි කොට ඇට ලබාගෙන එම ඇටද වියළා ඉතා මහන්සියෙන් මෙම නිෂ්පාදනය කරන බව ඔවුහු පෙන්වා දෙති.
අවම වශයෙන් මුං ඇට කිලෝ එකක් සඳහා ගොවියකුට රුපියල් අටසියයක මුදලක්වත් ලැබිය යුතු බවත් එසේ නොවන්නේ නම් ගොවීන්ට විශාල පාඩුවක් බව මුං ගොවීහු පෙන්වා දෙති.
මුං ඇට මෙන්ම අනෙකුත් ධාන්‍ය වර්ග එනම් කව්පි, උදු කිලෝවක මිල ද රුපියල් 150ත් දෙසීයත් අතර මිලක් දක්වා පහත වැටී ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.
මුං ඇට සඳහා සාධාරණ මිලක් ලබාදීමට රජය වහා පියවර ගත යුතු යැයි ඔවුහු පෙන්වා දෙති. විශේෂයෙන් කෘෂිකර්ම අමාත්‍යවරුන් දේශීය ගොවින් ආරක්ෂා කිරීම සඳහා විශාල හඬක් නැගුවද එම අය බලයට පත් වූ වහාම ධාන්‍ය ගොවීන්ට මෙවැනි කලක් උදාවීම පිළිබඳව ගොවීහු දැඩි කනස්සල්ල පළ කරති.
විල්ගමුව කලාපයට පමණක් නොව ලංකාවේ ඌව පළාතේ දීස්ත්‍රික්කවල මෙම වගා පවතින බවත් එම ගොවීන්ටත් සිදුව ඇත්තේ මෙම විනාශයම බව පෙන්වා දෙන ඔවුන් වහාම ශිත කාමරවල සිටින නිලධාරීන් වගා බිමකට පැමිණ තමන් දරන මහන්සිය වෙහෙස දැක බලා ගන්නයිද මුං ගොවීහු ඉල්ලා සිටිති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බලධාරීන්ට නොපෙනෙන දේශීය මුං ගොවියෝ