IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් කොටස් ලක්ෂ 30ක් ජ’පුර විශ්වවිද්‍යාලයේ සමිතියකට

  • පරිත්‍යාගයේ වටිනාකම රුපියල් දෙකෝටි හතළිස් හය ලක්ෂයක්

භානුක අමරසිංහ.

කමන්ත අමරසේකර

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ කොටස් ලක්ෂ 30ක් සී/ස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධි 1990/91, කණ්ඩායම් සමිතිය වෙත පරිත්‍යාග කිරීමක් සිදුව තිබේ.
එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන කමන්ත අමරසේකර මහතා විසින් මෙම කොටස් පරිත්‍යාගය කර තිබේ. පෙරේදා (15) දිනයේදී මෙම කොටස් ප්‍රදානය සිදු කෙරී ඇතැයි එම සමාගම ලිපියක් මගින් කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දී තිබේ. 
එහිදී බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී සමාගමේ එක් කොටසක වටිනාකම රුපියල් 8.20 ක් ලෙස ගණන් බලා මෙම පරිත්‍යාගය සිදුකර ඇති අතර, මෙම පරිත්‍යාගය මුළු වටිනාකම රුපියල් දෙකෝටි හතළිස් හය ලක්ෂයක් ලෙස සඳහන්ව තිබේ.
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමන්ත අමරසේකර මහතා මීට පෙර අවස්ථා කිහිපයකදීම සී/ස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධි 1990/91, කණ්ඩායම් සමිතිය වෙත බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සීහි කොටස් පරිත්‍යාග කර ඇත.
එහි ආසන්නතම අවස්ථාව ලෙස 2024 ජූනි 12 දින ඔහු විසින් කොටස් මිලියන 5 ක් පරිත්‍යාග කර ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 31කි. එසේම 2023 ඔක්තෝබර් 25 දා තවත් කොටස් මිලියන 4 ක් පිරිනමා තිබේ. එහි වටිනාම රුපියල් මිලියන 20.8 කි.
මීට අමතරව තවත් අවස්ථා කිහිපයකදීම කමන්ත අමරසේකර මහතා බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී කොටස් මෙලෙස විවිධ ආයතන වෙත පරිත්‍යාග කර තිබීම විශේෂත්වයකි.
2021 සැප්තැම්බර් 28 වැනිදා බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී කොටස් මිලියන 5 ක්, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි පුණ්‍යායාතනයක් වන හෙල්පේජ් ශ්‍රී ලංකා වෙත පරිත්‍යාග කර තිබේ. එසේම 2022 මාර්තු 03 දිනයේ දී කොටස් මිලියන 10 ක් ශ්‍රී දළදා මාලිගාවට පරිත්‍යාග කිරීමට ද ඔහු කටයුතු කළේය. මීට අමතරව 2023 සැප්තැම්බර් 21 දිනයේදී ද ළමා හා තරුණ සුබසාධන ජාතික කවුන්සිලය වෙත බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් කොටස් 973,104 ක් ඔහු විසින් පරිත්‍යාග කර තිබුණි. 
බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි විධායක නොවන අධ්‍යක්ෂවරයකු වන කමන්ත අමරසේකර මහතා 2020 දෙසැම්බර් 22 දින එම සමාගමේ කොටස් මිලියන 750 ක් මිලදී ගනු ලැබීය. ඒ එක් කොටසක් රු. 4.00 බැගිනි. ඒ අනුව ඔහු රු. බිලියන 3 ක් එම කොටස් මිල දී ගැනීම වෙනුවෙන් ආයෝජනය කර තිබුණි. 



අදහස් (0)

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් කොටස් ලක්ෂ 30ක් ජ’පුර විශ්වවිද්‍යාලයේ සමිතියකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 276 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 780 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site