IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ග්ලෝබල් ​සොෆ්ට් පවර් දර්ශකයේ ශ්‍රී ලංකාව 97 වැනි තැනට

ආකර්ෂණීය සංචාරක ස්ථාන ලැයිස්තුවේ 76 වැනි තැන


ලොව ප්‍රමුඛතම සන්නාම තක්සේරු උපදේශන ආයතනය වන බ්‍රෑන්ඞ් ෆයිනෑන්ස් නව වාර්තාවකට අනුව, 2025 වසර සඳහා බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ග්ලෝබල් ​සොෆ්ට් පවර් දර්ශකයේ, ලකුණු 100න් 33.6ක් ලබා ගනිමින්, ශ්‍රී ලංකාව, 97 වැනි ස්ථානයට පත් වී සිටී. 
ගෝලීය වශයෙන් ලැබූ මෙම වර්ධනය, රටේ පවතින තිරසාරභාවය ප්‍රතිඵලයක් බවත් අඛණ්ඩ සංවර්ධනයේ සාධකයක් බවත් පැවැසෙයි. ‘සංස්කෘතිය සහ උරුමය’ ගෝලීය දර්ශකයේ ශ්‍රී ලංකාව 79 වැනි ස්ථානයේ සිටින ඇති අතර, 2024 වසරේ සිට එය සුළු පහත වැටීමකි. එසේ වුවත්,‘සාරවත් උරුමයන්’ සඳහා නිකුත් කරන දර්ශකයේ ශ්‍රීලංකාව 55 වැනි ස්ථානය ලබා ගැනීමට සමත් වී ඇත. 
‘ආකර්ෂණීය ජීවන රටාවක්’ ගෝලීය ලැයිස්තුවේ, 120 වැනි ස්ථානයට පත් වීමටත්, ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත.‘ආකර්ෂණීය සංචාරක ස්ථාන’ ලැයිස්තුවේ 76 වැනි ස්ථානය දක්වාත්, ‘ක්‍රීඩාවේ නායකයන්’ ලැයිස්තුවේ 60 වැනි ස්ථානය දක්වාත් ශ්‍රී ලංකාව පහත වැටී ඇත. මෙය සුළු පසුබෑමකි. එසේ වුවත්, එය ශ්‍රී ලංකාව කෙරෙහි පවතින පුළුල් ජාත්‍යන්තර ආකර්ෂණය අඩු කිරීමට කිසිසේත්ම දායක නොවන බව විශ්ලේෂකයන්ගේ මතයයි.
මෙම ශ්‍රේණිගත කිරීම් ජාතියේ ගැඹුරු සංස්කෘතික පොහොසත්කම, විචිත්‍රවත් සංචාරක අංශය සහ ගෝලීය ක්‍රීඩා තුළ වර්ධනය වන බලපෑම ඉස්මතු කරයි. ‘පුද්ගලයන් සහ සාරධර්ම’ ලැයිස්තුවේ, ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කර ඇත. එහි ශේණිගත කිරීම් ලැයිස්තුවේ 93 වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව ඉහළ ගොස් ඇත. 
 “කලාව සහ විනෝදාස්වාදය, ඇතුළත් කිරීම සහ තිරසාරත්වය යන ප්‍රධාන ක්ෂේත්‍ර හරහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ප්‍රගතිය එහි වර්ධනය වන ගෝලීය බලපෑම අවධාරනය කරයි. වඩාත් ඉවසිලිවන්ත සහ සියල්ලන් ඇතුළත් සමාජයක් පෝෂණය කිරීම සඳහා පොහොසත් උරුමයන් සඳහා එහි ගෞරවනීය තත්වය පවත්වාගෙන යාමේ සිට, ශ්‍රී ලංකාව ඔරොත්තු දීමේ සහ කැපවීමේ ජාතියක් ලෙස ඔප්පු වෙමින් පවතී. මෙම ජයග්‍රහණවලින් පිළිබිඹු වන්නේ ජාතියේ අඛණ්ඩ සංවර්ධන ගමන සහ වඩාත් තිරසාර සහ ඇතුළත් ලෝකයක් හැඩගැස්වීමේදී එහි පුළුල් වන භූමිකාවයි.‘‘ යැයි බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා සභාපති රුචි ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කර ඇත.
ශ්‍රී ලංකාව 2024 වසරේ සිට එහි සමස්ත 109 වැනි ස්ථානය පවත්වා ගනිමින් තිරසාර ස්ථම්භයේ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කර ඇත. රටේ ප්‍රගතිය විශේෂයෙන් හරිත බලශක්ති සහ තාක්ෂණය සඳහා ආයෝජනය කිරීම’ වැනි ප්‍රධාන ගුණාංගවලින් පැහැදිලි වේ. පරිසර සංරක්ෂණය අතින් ශ්‍රී ලංකාව ස්ථාන 17 කින් දියුණු වී ‘පරිසරය සුරැකීමේ ක්‍රියා’ සම්බන්ධයෙන් 87 වැනි ස්ථානය දක්වා ඉහළ ගොස් ඇති අතර, ස්වභාවික සම්පත් සුරැකීමට ඇති කැපවීම ඉස්මතු කරයි. මීට අමතරව, ‘දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ ගෝලීය ප්‍රයත්නවලට සහාය වීම සඳහා’ ස්ථාන 18කින් ඉහළ ගොස් 109 වැනි ස්ථානයට පත් වී ඇති ජාතිය ගෝලීය දේශගුණික ක්‍රියාකාරකම්වල ප්‍රගතියක් ලබා තිබේ.

 



අදහස් (0)

බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ග්ලෝබල් ​සොෆ්ට් පවර් දර්ශකයේ ශ්‍රී ලංකාව 97 වැනි තැනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 721 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1135 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site