IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බදු සහන හේතුවෙන් රජයට 2023/24 දී රු. බි. 966 ක් අහිමිවෙලා

විමුක්ති එස්. රුද්‍රිගු


රජය බදු වියදම් ලෙස සටහන් කර ඇති බදු සහන හේතුවෙන් රජයට 2023/24 මූල්‍ය වර්ෂයේදී බදු ආදායම ලෙස ඉපැයීමට හැකියාව තිබූ රුපියල් බිලියන 966 ක් පමණ මුදලක් රජයට අහිමි වී ඇතැයි පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය. රජය බදු වියදම් ලෙස සටහන් කර ඇති ප්‍රමාණය මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3 ක් පමණ වන බවත් එය මෙම වසරේ පුරෝකථනය කර ඇති බදු ආදායමෙන් සියයට 21 ක් පමණ වන බවත් එම වෙබ් අඩවිය පැවැසුවේය.

මෙහි මූල්‍යමය බලපෑම සැලකිය යුතු මට්ටමක පවතින බවත්, බදු වියදම ලෙස සටහන් කළ මෙම බදු ආදායම රජයට ලැබුණේ නම් රුපියල් බිලියන 2,200 සිට රුපියල් බිලියන 1,234 දක්වා අයවැය හිඟය අඩකින් පමණ අඩු කිරීමේ හැකියාව පැවැතුණු බවද පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.

බදු නිදහස් කිරීම්, අඩු කිරීම්, ණය සහ විශේෂ බදු අනුපාත හේතුවෙන් අහිමිවන ආදායම බදු වියදම ලෙස හැඳින්වේ. බදු වියදම හේතුවෙන් රජයේ ආදායම අඩු නොවුණානම් අයවැය හිඟය හරි අඩකින් අඩුකර ගැනීමට හැකියාව තිබිණ.

රජයේ නිල බදු වියදම් ප්‍රකාශයට අනුව ශ්‍රී ලංකාවේ බදු වියදම් බහුවිධ මූලාශ්‍රවලින් පැනනැගී ඇත. පුද්ගලික ආදායම් බද්ද, ආයතනික ආදායම් බද්ද (CIT), එකතු කළ අගය මත බද්ද (VAT), රේගු ආනයන බද්ද (CID) සහ සුඛෝපභෝගී මෝටර් රථ බද්ද එම මූලාශ්‍ර අතර වේ. ඉන් බදු වියදමට වැඩිම දායකත්වය ලබා දී ඇත්තේ රේගු ආනයන බද්ද, ආයතනික ආදායම් බද්ද සහ එකතු කළ අගය මත බද්ද බවද පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.

රේගු ආනයන බදු මගින් 2023/24 මූල්‍ය වර්ෂයේදී ඉපැයීමට හැකියාව තිබූ රුපියල් බිලියන 375 ක බදු ආදායමක් බදු වියදම් හේතුවෙන් රජයට අහිමි වී ඇති අතර එකතු කළ අගය මත බද්දෙන් ඉපැයිය හැකිව තිබූ රුපියල් බිලියන 333 ක බදු ආදායමක්ද බදු වියදම හේතුවෙන් අහිමි වී ඇත. එසේම 2023/24 මූල්‍ය වර්ෂයේදී ආයතනික ආදායම් බද්දෙන් ඉපැයීමට හැකියාව තිබූ රුපියල් බිලියන 243 ක බදු ආදායමක්ද බදු වියදම් හේතුවෙන් අහිමි වී තිබේ.



අදහස් (0)

බදු සහන හේතුවෙන් රජයට 2023/24 දී රු. බි. 966 ක් අහිමිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 150 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 46 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site