IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බෝට්ටු-නැව් තැනීමට අවශ්‍ය පහසුකම් දෙන බව ඇමැති ප්‍රසන්න කියයි

(තිළිණි ද සිල්වා)
 
බෝට්ටු  හා නැව් තැනීමේ කර්මාන්තය සදහා අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීමට රජය ඉදිරිපත් වන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
 
 ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
 
බෝට්ටු හා නැව් තැනීමේ කර්මාන්තයේ නිරත ආයෝජකයන්, ව්‍යාපාරිකයන් සමග පැවති සාකච්ඡාවක දි ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
 
මේ වන විට බෝට්ටු තටාංගන 20 ත් 25 ත් අතර සංඛ්‍යාවක් ක්‍රියාත්මක වේ. එම තටාංගන වලින් 10 ක් පමණ මධ්‍ය හා විශාල පරිමාණයේ නිෂ්පාදන පහසුකම් ඇති බෝට්ටු තටාංගන වේ. සුවපහසු බෝට්ටු , සුඛෝපභෝගි යාත්‍රා තනි පුද්ගලයෙකුට පැදවිය හැකි ඔරු හබල් බෝට්ටු ධීවර යාත්‍රා සහ බෝට්ටු , නාවික හා වෙරළ සංරක්ෂණ යාත්‍රා වැනි බෝට්ටු මෙරට නිෂ්පාදනය කෙරෙන අතර මෙරට ප්‍රධාන අපයනය වෙළදපොල වන්නේ සිංගප්පුරුව, ඉන්දියාව, මාලදිවයින හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බව මෙහි දි අනාවරණය විය.
 
තමන්  මුහුණ පා ඇති ප්‍රධාන ගැටළුවක් බවට පත්ව ඇත්තේ මේ සදහා අවශ්‍ය යටිතල පහසුකම් නොමැතිවීම බව බෝට්ටු නිෂ්පාදකයෝ මෙහිදි ඇමතිවරයාට පෙන්වා දුන්හ.

යාත්‍රා සැකසීමෙන් පසු අත්හදා බැලීමට, මුහුදට මුදා හැරීමට හැකි පිවිසුම් බට හා යාත්‍රා අලුත්වැඩියාවට අවශ්‍ය තටාංගන නොමැති වීම මෙම නිෂ්පාදකයන් මුහුණ පා තිබෙන ප්‍රධාන ගැටළු වලින් කීපයකි.

මෙම බෝට්ටු නිෂ්පාදකයන් සදහා අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම සදහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ මහතාට මෙහිදි උපදෙස් දුන්නේය.
 



අදහස් (5)

බෝට්ටු-නැව් තැනීමට අවශ්‍ය පහසුකම් දෙන බව ඇමැති ප්‍රසන්න කියයි

අලි බඩා -ගම්පහ Thursday, 09 January 2020 01:15 PM

"... බෝට්ටු 10ක් හදද්දී මටත් එකක් හදාපියව්.."

:       17       5

A.G. Saman Friday, 10 January 2020 04:40 AM

ඉතා හොඳ අදහසක්

:       2       9

Nuwan Saturday, 11 January 2020 11:52 AM

පෙර රජ දවස මමේ රට නැව් තනන ඉංජිනේරුවන් ලොවම ලී නැව් තනන කාලේ යකඩෙන් නැව් තනන තාක්ෂණය ග්‍රීකයින්ට ඉගැන්වීමට එහි ගිය බව සදහන් වෙනවා. ජයවේවා ! හොද දෙයක්.

:       2       42

සමන් Saturday, 11 January 2020 11:23 PM

හොද බෝට්ටු-නැව් හදන්න ඕනේ. පිටරටකට උනත් පැනල යන්න පුළුවන ඒවා. හොද ඉල්ලුමක් තියෙයි. හිටපු ඇමතිලාගෙන් හිටපු පොලිස් ඉහළ නිලධාරින්ගෙන්.....................

:       28       1

eresh S kumara Tuesday, 14 January 2020 03:16 AM

ඔක්කොම පරණ බෝට්ටු අයින් කරලා ලස්සන බෝට්ටු ටිකක් ලංකාවේ වටේටම දැම්මොත් හොද නැද්ද?

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 35 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site