IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


පළමු මාස හයේදී මෙරට පමුල් රු. බි. 1,010.3 ක් ණයට අරන්

  • වැඩිම ණය ලබාගෙන ඇත්තේ බස්නාහිර පළාතේ පවුල්
  • අඩු පොලී අනුපාත සහ සාර්ව ආර්ථික වර්ධනය හමුවේ මෙලෙස විශාල වශයෙන් ණය අරන්
  • මූල්‍ය අංශය ලබාදී ඇති සමස්ත ණයෙන් සියයට 40.5 ක් ලබා ගෙන ඇත්තේ මෙරට පවුල්
  • වාණිජ බැංකු නොවන මූල්‍ය සේවා සපයන සමාගම්ද ලබාදී ඇති ණය මෙම කාලයේදී ඉහළ ගිහින්
  • මෙරට පවුල් ලබාගෙන ඇති ණයෙන් සියයට සියයට 64.7 ලබාගෙන ඇත්තේ බැංකු පද්ධතියෙන්
  • ණය නොගෙවා සිටීමට හෝ ප්‍රමාද වී ගෙවීමට ඉඩ තිබෙන ප්‍රතිශතය සියයට 17.1 සිට 15 දක්වා පහළට
  • ගෙවීම පැහැර හැර ඇති ණයවලින් සියයට 55.9 ක් ලබා ගෙන ඇත්තේ වාණිජ බලපත්‍රලාභී නොවන මූල්‍ය සේවා සපයන සමාගම්වලින්
  • බැංකු පද්ධතියෙන් ණය ලබාගෙන ඇති පවුල්වලින් සියයට 20.4 ක් දැඩි අවදානම් කාණ්ඩයට අයත්
  • බලපත්‍රලාභී වාණිජ බැංකු නොවන මූල්‍ය සේවා සපයන සමාගම්වලින් ණය ලබාගෙන ඇති පවුල්වලින් සියයට 40 ක් දැඩි අවදානම් කාණ්ඩයට

විමුක්ති එස් රුද්‍රිගු

මෙම වසරේ පළමු මාස හය තුළදී මෙරට පවුල් රුපියල් බිලියන 1,010.3 ක මුදලක් ණය ලෙස ලබාගෙන ඇති බවත්, ඉන් වැඩිම ණය ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ බස්නාහිර පළාතේ පවුල් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

පසුගිය වසරේ පළමු මාස හය තුළ මෙරට මූල්‍ය අංශය රුපියල් බිලියන 736.4 ක මුදල ශ්‍රී ලංකාවේ පවුල්වලට ණය ලෙස ලබාදී තිබූ බවත්, ඒ අනුව මෙම වසරේ පළමු මාස 6දී මූල්‍ය අංශය මෙරට පවුල්වලට ලබාදී ඇති ණය සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබෙන බවත් දත්ත වාර්තාවල දැක්වේ. අඩු පොලී අනුපාත සහ සාර්ව ආර්ථික වර්ධනය හමුවේ මෙරට පවුල් මෙලෙස විශාල වශයෙන් ණය ලබාගෙන තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ.

මෙරට මූල්‍ය අංශය ලබාදී ඇති සමස්ත ණයෙන් සියයට 40.5 ක් ලබා ගෙන ඇත්තේ මෙරට පවුල් බවත් මෙම වසරේ දෙවැනි කාර්තුව අවසන් වනවිට පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව මූල්‍ය අංශයේ ණය ලබාදීම් සියයට 14.8 කින් වර්ධනය වී තිබෙන බවත් එහි දැක්වේ. එසේම බලපත්‍රලාභී වාණිජ බැංකු නොවන මෙරට මූල්‍ය සේවා සපයන සමාගම්ද මෙරට පවුල් සඳහා ලබාදී ඇති ණය ප්‍රමාණය මෙම කාල සීමාවේදී ඉහළ ගොස් තිබෙන බව එහි සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ පවුල්වල ණය අවශ්‍යතා සපුරාලීම මෙරට බැංකු පද්ධතිය මුල්වී තිබෙන බවත් මෙරට පවුල් ලබාගෙන ඇති ණයෙන් සියයට සියයට 64.7 ලබාගෙන ඇත්තේ බැංකු පද්ධතියෙන් බවත් මහ බැංකුව නිකුත් කළ එම වාර්තාව පෙන්වා දුන්නේය. ඉතිරි සියයට 35.3 ක ප්‍රතිශතය ලබාදී ඇත්තේ වාණිජ බලපත්‍රලාභී බැංකු නොවන මූල්‍ය සේවා සපයන සමාගම් යැයි එම වාර්තාවේ දැක්වේ.

එසේම පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ දෙවැනි කාර්තුව අවසානයේදී ණය නොගෙව සිටීමට හෝ ප්‍රමාද වී ගෙවීමට ඉඩ තිබෙන ප්‍රතිශතය සියයට 17.1 සිට 15 දක්වා පහළ ගොස් තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ. කෙසේ නමුත් මෙම වසරේ දෙවැනි කාර්තුව අවසානයේදී බලපත්‍රලාභී වාණිජ බැංකු නොවන මූල්‍ය සේවා සපයන සමාගම්වලින් මෙරට පවුල් ලබාගෙන ඇති ණයවලින් සියයට 23.8 ක් නොගෙවා සිටීමේ හෝ ප්‍රමාද වී ගෙවීමේ අවදානමක් තිබෙන බව එහි දැක්වේ.

ඉදිරියේදී ණය ගෙවීම පැහැර හරින ප්‍රතිශතය ඉදිරියේදී අඛණ්ඩව අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බවත්, මෙරට පවුල් ගෙවීම පැහැර හැර ඇති ණයවලින් සියයට 55.9 ක් ලබා ගෙන ඇත්තේ වාණිජ බලපත්‍රලාභී නොවන මූල්‍ය සේවා සපයන සමාගම්වලින් බවත් එම වාර්තාවේ සඳහන්වේ. ඉතිරි සියයට 44.9 ක ප්‍රතිශතය ලබාගෙන ඇත්තේ මෙරට වාණිජ බලපත්‍රලාභී බැංකුවලින් බවද එහි දැක්වේ.

කෙසේ නමුත් ණය තොරතුරු කාර්යාංශයේ දත්තවලට අනුව බැංකු පද්ධතියෙන් ණය ලබාගෙන ඇති පවුල්වලින් සියයට 20.4 ක් දැඩි අවදානම් කාණ්ඩයට අයත්වන බවත්, බලපත්‍රලාභී වාණිජ බැංකු නොවන මූල්‍ය සේවා සපයන සමාගම්වලින් ණය ලබාගෙන ඇති පවුල්වලින් සියයට 40 ක් දැඩි අවදානම් කාණ්ඩයට අයත්වන බවත් එහි සඳහන්වේ.

අංශ දෙකම එකතු කළ විට කළමනාකරණය කළ හැකි ණය අවදානමක් තිබුණත්, බලපත්‍රලාභී වාණිජ බැංකු නොවන මූල්‍ය සේවා සපයන සමාගම් පමණක් ගත්විට එම අංශයට සැලකිය යුතු ණය අවදානමක් තිබෙන බවද එහි දැක්වේ.



අදහස් (0)

පළමු මාස හයේදී මෙරට පමුල් රු. බි. 1,010.3 ක් ණයට අරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 565 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site