භානුක අමරසිංහ
වර්තමානයේදී රට තුළ පවතින පොල් අර්බුදය දේශීය පරිභෝජනයට මෙන්ම අපනයන පොල් කර්මාන්තය වෙතද තර්ජනයක් එල්ල කර තිබෙන බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය (CCCI) සඳහන් කරයි. ඒ අනුව අපනයන පොල් කර්මාන්තය රැක ගැනීම සඳහා හැකි ඉක්මනින්ම පොල් ආනයනය සඳහා අවසරය ලබාදීමට අවධානය යොමු කරන ලෙස එම මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටියි.
අපනයන පොල් කර්මාන්තය වෙත සම්බන්ධ සංගම් රැසක් නියෝජනය කරන මෙම ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය ඊයේ ජාතික වාණිජ මණ්ඩලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කළේය.
ඔවුන් පෙන්වා දෙන ආකාරයට අද වනවිට මෙරට මාසික පොල් අවශ්‍යතාව පොල් ගෙඩි මිලියන 250ක් පමණ වෙයි. ඉන් මිලියන 150ක් දේශීයව පරිභෝජනය සඳහා යෙදවෙන අතර, ඉතිරි මිලියන 100 අපනයනය වෙනුවෙන් යොදා ගනී. කෙසේ වෙතත් පොල් පර්‌යේෂණ ආයතනය මගින් සිදු කර ඇති පුරෝකතනයට අනුව 2025 ජනවාරි සිට අප්‍රේල් දක්වා මෙරට පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 200ක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ.
“මේ පොල් ගෙඩි ප්‍රමාණය රටේ දේශීය පරිභෝජනය සඳහා සහ අපනයනය සඳහා ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඒ නිසා තමයි අපි රජයෙන් ඉල්ලන්නේ ඉදිරි මාස කිහිපය සඳහාවත් මාසයකට පොල් ගෙඩි මිලියන 100ක් බැගින් ආනයනය කරන්න අනුමැතිය ලබා දෙන්න කියලා. මොකද මේ පොල් අපනයන කර්මාන්තයට පොල් අවශ්‍යයි. පොල් නැති වුණොත් මේ කර්මාන්තය ලබා ගෙන තිබෙන ඇණවුම් ලබා දෙන්න හැකියාවක් නැති වෙනවා. එහෙම වුණොත් මේ කර්මාන්තය කඩා ගෙන වැටෙනවා.“ යනුවෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකෝන් මහතා මෙහිදී සඳහන් කළේය.
එම මණ්ඩලය සඳහන් කරන ආකාරයට පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළදී මෙරට පොල් අපනයන කර්මාන්තය හරහා උපයා දී ඇති ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 782 කි. එය පෙර වසරේ එම කාලසීමාව හා සැසඳීමේදී සියයට 20ක වර්ධනයකි. එසේම මෙම ආදායම ඩොලර් බිලියන 1.5ක ආදායමක් බවට පත් කර ගත හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.
අපි ඉල්ලන්නේ මේ සැපයුම් දාමය ස්ථාවර තත්ත්වයකට පත් කිරීම සඳහා පොල් ගෙඩි මිලියන 200ක් හෝ කොප්පර චිප්ස්, වියළන ලද පොල්, පොල් කිරි සහ ශීත කළ පොල් කැබලි වැනි ඒ හා සමාන අමුද්‍රව්‍යයක් ආනයනය කිරීමට අවසර දෙන්න කියලයි. එතැනදී තෙල් සහ කාබන් කර්මාන්තය සඳහා අවශ්‍ය නැවුම් පොල් ආනයන වඩාත් සුදුසු වගේම ලාභදායකයි.’’
පවතින බාධා මඟහරවමින් දැනට ගෙඩි මිලියන 3000ක් පමණ වන මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 5,000ක් බවට පත් කර ගත හැකි වුවහොත් ඉතාමත් හොඳ අපනයන ආදායමක් ළගා කරගත හැකි බවත් මෙම මණ්ඩලය පෙන්වා දෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පොල් ආනයනය නොකළොත් අපනයන කර්මාන්තය අනතුරේ
Kamal Koyrala Thursday, 23 January 2025 12:19 PM
සුළු පිරිසකගේ සුඛ විහරණය සඳහා සොච්චම් ඩොලර් ප්‍රමාණයක් රටට ලැබීමෙන් අත්වන ප්‍රතිඵලයක් නේ දේශීයද දේ දේශීය ජනතාවට පාරිභෝජනය සඳහා අවශ්‍යයි. එක පොල් ගහක් වවන්නේ නැතිව මේ කරන්න බෑ.