IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


පෙර ඇනවුම් වාහනයට සහනයක් ඉල්ලති

වාහන සඳහා ආනයනික බදු වැඩිවීමට පෙර පෞද්ගලිකව වාහනයක් ගෙන්වීමට ණයවර ලිපි විවෘත කල අයගෙන් වැඩි කළ බද්ද අය නොකරන්නැයි පෞද්ගලිකව වාහන ආනයනය කර බදු වැඩිවීම නිසා අගතියට පත්වූවන් ගේ එකමුතුව රජයෙන් ඉල්ලීමක් කරයි.

තම එකමුතුවේ සාමාජිකයන් ආනයනය කර ඇති සමහර වාහනවල බදු රුපියල් ලක්ෂ 35-40 කින් පමණ වැඩිවී ඇතැයි පෞද්ගලිකව වාහන ආනයනය කර බදු වැඩිවීම නිසා අගතියට පත්වූවන් ගේ එකමුතුවේ කැඳවුම්කරු අමර විජේගුණසේකර මහතා සමාජ හා සාමූහික කේන්ද්‍රයේ අද (24) පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කලේය.

ණයවර ලිපි විවෘත කොට මෙසේ අසාධාරණයට ලක්වූ වාහන 200 පමණ ඇතැයි විස්වාස කරන බවත් මේ වනවිට එයින් 70 දෙනෙකු තම එකමුතුවට සම්බන්ධ වි ඇති බවත් විජේගූණසේකර මහතා පැවැසීය.

IMG_6186 IMG_6197 IMG_6198 IMG_6199



අදහස් (0)

පෙර ඇනවුම් වාහනයට සහනයක් ඉල්ලති

විපුල Saturday, 25 June 2016 10:28 AM

මේ ආණ්ඩුව පත්වීමෙන් අපට ලැබුණු සහනයක් තියෙනවා නම් ඉන්ධන මිල අඩුකිරීමයි. නමුත් වාහන ගන්න කෙනෙක් කොතරම් මුදලක් වැඩියෙන් ගෙවන්න ඕනෑද? අඩු කරපු ඉන්ධන මුදල වාහන ගන්න අයගෙන්ම අය කරගන්නවා (නි)

:       0       0

විජේ Tuesday, 05 July 2016 01:19 AM

කවුරු කවුරුත් එකතුවෙලා කියන්නකෝ අධ්‍යාපනයට හා සෞඛ්‍යයට මුදල් වැඩිකරන්නේ කොහොමද කියලා. තවත් ණයට ගන්නද කියන්නේ (නි)

:       0       0

මනෝජ් Friday, 24 June 2016 11:59 PM

2015 පෙබරවාරි වලත් ඔය සෙල්ලම කළා. මගේ 660 සිසි බඩියටත් 188,000.00 ක් වැඩිපුර ටැක්ස් ගෙව්වේ ණයවෙලා. 80% ක ලීස් හා ණය වුණා. ඒ පව තවම ගෙවනවා 2020 වෙනකම්. ආර්ථික සැළසුම් අතීතයට බලපාන්න හොඳ නැහැ. මොකද ඒවා සැළසුම් කරලා අවසන් නිසා. දුෂණ තියෙනවා නම් කළාට කමක් නැහැ. අපේ පවුල් 3 ක කතිරය අනෙක් පැත්ත හැරිලා තියෙන්නේ මේක හින්දා. (නි)

:       0       0

වාසනා Saturday, 25 June 2016 04:54 AM

මමත් මෙය ලැබෙනකන් බලන් ඉන්න කෙනෙක්. (ර)

:       0       0

එච්.එම්.චන්ද්‍රසිරි Thursday, 30 June 2016 02:06 PM

මමත් ප්‍රියස්ර් කාර් එකක් ගෙනාවා. ක්ලියර් කරන්න බැරුව ඉන්නේ, මමත් කැමති ඔයාලගේ කණ්ඩායමට එකතුවෙන්න. (බ)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 30 June 2016 02:06 PM

මේ අයට සහනයක් ලබා දෙන්න.(හේ)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 30 June 2016 02:02 PM

සහනයක් ලබා දිය යුතුයි.(හේ)

:       0       0

අමර Sunday, 26 June 2016 07:07 AM

රජයෙන් මෙම සහන ලබාගැනීමේ මේ සියලු උත්සාහයන් අපි විසින් ගනිමින් සිටිමු

:       0       0

පෙරේරා Sunday, 03 July 2016 06:52 PM

සහනය ලබාගෙන ඊටපස්සේ වැඩි ගානට වාහනේ විකුණගන්නත් පුළුවන් නේද? (නි)

:       0       0

දිල්රුක් Tuesday, 28 June 2016 05:57 AM

කරුණාකරලා මෙම සහනය කලින් ණයවර ලිපි විවෘත කළ අය‍ට ලබාදෙන්න. එකපාරටම ලක්ෂ 25-30 බදු වැඩිවුණාම කොහොමද ඒ මිනිස්සු ගෙවන්නේ? ගේ දොර උකස් තියලද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 284 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site