විමුක්ති එස්. රුද්‍රිගු
රේගුව රඳවාගෙන ඇති ප්‍රශ්නගත බී.වයි.ඩී මෝටර් රථ ඇණවුම් කර තිබෙන පාරිභෝගිකයන්ට විශේෂ වට්ටමකට BYD SEALION 5 මෝටර් රථයකට මාරුවීමට හෝ එළැඹෙන 10 වැනිදාට පෙර තහවුරු කළහොත් වාහන ඇණවුම් කිරීමට තැබූ තැන්පතු මුදල පොලියත් සමග ලබාගැනීමට හැකියාව පවතින බව ජෝන් කීල්ස් සීජී ඔටෝ සමාගම පෙරේදා (30) නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය. එසේත් නැතිනම් අධිකරණයේ විභාග වන නඩුකරය අවසන් වනතුරු එම වාහන ඇණවුම් කළ පාරිභෝගිකයන් සිටිය හැකි බවද එම සමාගම ප්‍රකාශ කළේය. සමාගම විද්‍යුත් වාහන සඳහා තැන්පතු නොමැතිව තවදුරටත් ඇණවුම් ලබාගන්නා බව එම සමාගම පැවැසුවේය. පසුගිය සැප්තැම්බර් 11 වැනිදාට පෙර වාහන ඇණවුම් කළ පාරිභෝගිකයන්ට මෙම විකල්ප තුනෙන් එකක් තෝරාගත හැකි බවද ජෝන් කීල්ස් සීජී ඔටෝ සමාගම ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා රේගුව ප්‍රශ්නගත බී.වයි.ඩී මෝටර් රථ තොගය සම්බන්ධයෙන් කමිටුවක් පත්කර තිබෙන බවත් රේගුව මතුකළ කරුණු සම්බන්ධයෙන් එහිදී කමිටුව සොයා බලනු ඇති බවත් ජෝන් කීල්ස් සීජී ඔටෝ සමාගම ප්‍රකාශ කළේය.
තෝරාගත් වාහන ආකෘති ස්වාධීන, ජාත්‍යන්තරව පිළිගත් මෝටර් රසායනාගාරයකදී පරීක්ෂාවට ලක් කිරීමට සිය සහාය ලබාදෙන බවත් එමගින් ප්‍රශ්නගත වාහනවල මොටර් රථ ධාරිතාව සම්බන්ධයෙන් තිබෙන ඕනෑම ගැටලුවක් නිරාකරණය කර ගැනීමට හැකියාව තිබෙන බවත් එම සමාගම පැවැසුවේය. සිය සමාගම සෑමවිටම තම පාරිභෝගිකයන්ට ගුණාත්මක, විශ්වාසදායි සේවාවක් ලබාදීමට බැඳී සිටින බව එම සමාගම ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා රේගුව බී.වයි.ඩී වාහන 2000 කට ආසන්න සංඛ්‍යාවක් මෝටර් ධාරිතාව පිළිබඳව මතුවූ ගැටලුකාරී තත්වයක් හේතුවෙන් රඳවා ගත් අතර මේ වනවිට ඒ සම්බන්ධව අභියාචනාධිකරණයේ නඩුකරයක් විභාගවේ.
2025 ඔක්තෝබර් මස 08
1328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1246
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
457
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ප්‍රශ්නගත බී.වයි.ඩී මෝටර් රථ ඇණවුම්කරැවන්ට වෙනත් රථයක් හෝ පොලියත් සමග මුදල්