IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පරිවර්තනීය වර්ධනයක් සැලැසුම් කිරීමට කාලය එළැඹිලා

  • දැඩි මුල්‍ය පරිසරයක් අවශ්‍යයි

විමුක්ති එස් රුද්‍රිගු


මෙරට දේශපාලන ස්ථාවරත්වය ඇති වීමත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමත් සහ දීර්ඝ කාලීන ණය ශ්‍රේණිගත කිරීම ඉහළ යෑමත් සමග අග්නිදිග ආසියාවේ රටවල්වල දැක ඇති පරිවර්තනීය වර්ධනයක් ශ්‍රී ලංකාවට ළඟා කර ගැනීමට සැලසුම් කිරීමට කාලය එළැඹ ඇතැයි ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා පෙරේදා (28) ප්‍රකාශ කළේය.
මෙරට බහුතර ජනතාවගේ ජීවන තත්වය ඉහළ දමන සහ තිරසාර ආර්ථික වර්ධනයක් ළඟා කරන දශකයක් සඳහා අඩි තාලම දැමීමට සුදුසුම වසර 2025 වසර බවද ඔහු පැවැසුවේය.
ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2025 අමතමින් හුලංගමුව මහතා මෙම අදහස් පළ කළේය. ‘‘ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2025”‍ හි ආරම්භක සැසිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
මෙරට ආර්ථික වර්ධන වේගය වසර දෙකක කාලයක් 2022 සහ 2023 වසරවලදී සෘණ අගයක් ගත් බවත්, පසුගිය වසරේදී ආර්ථිකය පණ ගසමින් ධනාත්මක වර්ධන වේගයක් පෙන්නුම් කළ බවත් දුමින්ද හුලංගමුව මහතා ප්‍රකාශ කළේය.
කාලයේ අවශ්‍යතාව වන්නේ දැඩි මූල්‍ය පරිසරයක් තුළ අපනයනය මෙහෙයවන පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගැනීම බවද හුලංගමුව මහතා ප්‍රකාශ කළේය. 



අදහස් (0)

පරිවර්තනීය වර්ධනයක් සැලැසුම් කිරීමට කාලය එළැඹිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site