භානුක අමරසිංහ
ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගම මගින් ඉදිකරන The Colombo Border ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමැතිය හිමිව ඇතැයි පවසයි.
ඒ අනුව මෙම අනුමැතියත් සමගින් එම ව්‍යාපෘතිය වෙනුවෙන් තවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 65ක ආයෝජන පහසුකමක් හිමිව ඇතැයිද එම සමාගම සඳහන් කරයි.
ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගම 2023 ඔක්තෝබර් මාසයේදී දියත් කළ මෙම The Colombo Border ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2024 වසරේ අප්‍රේල් මාසයේදී ආරම්භ කෙරිණි. කොළඹ - නුවර ප්‍රධාන පාරේ පෑලියගොඩ නගරයේ පිහිටි මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු Sanken Construction සමාගම මගින් සිදු කරයි.
මෙය ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගමේ 43 වැනි ව්‍යාපෘතිය වෙයි. නිවාස එකක 484ක් සහිත එයA,B සහ Cලෙස කුලුණු තුනකින් සමන්විත වන අතර, අක්කර 6.9ක භූමියක් පුරා එය ව්‍යාප්තව පවතී. එම භූමියෙන් සියයට 75 ක් විවෘත අවකාශයටත්, සියයට 25 ක් ගොඩනැගිලි ඉදිකිරිම් සඳහාත් වෙන් කර තිබීම මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය බවත් සමාගම පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ප්‍රයිම් ලෑන්ඩ් ව්‍යාපෘතියකට තවත් ඩො.මි. 65ක ආයෝජනයක්