භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මිලේනියම් හවුසින් ඩිවලොපර්ස් පීඑල්සී සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන මිලේනියම් හවුසින් ලිමිටඩ් සමාගමට අයත්ව තිබූ ‘හොරගල ස්ටේට්’ ප්‍රයිම් ලෑන්ඩ්ස් පෞද්ගලික සමාගම වෙත අලෙවි කළ බව එම සමාගම පවසයි.
ඊයේ (27) දිනයේදී එම සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් මේ පිළිබඳව දැනුම් දී තිබේ. පසුගිය පෙබරවාරි 13 වැනිදා අදාළ සමාගම් දෙක මෙම අලෙවි කිරීම සම්බන්ධ එකඟතාවට අත්සන් තැබීම සිදු කර තිබේ.
හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ඉඩමක් වන මෙම ‘හොරගල ස්ටේට්’ සතුව අක්කර 18.5ක්, එනම් පර්චස් 2963ක භූමියක් පවතින බව සමාගම පවසයි.
මෙහිදී රුපියල් මිලියන 440ක මුදලකට මෙම අලෙවිය සිදු කර තිබෙන බව මිලේනියම් හවුසින් ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම සඳහන් කරයි. 2025 මාර්තු 31 වැනිදා වනවිට මෙම ඉඩමට අදාළ හිමිකම් පැවරීම සම්පූර්ණ වීමට නියමිතව ඇතැයිද එම සමාගම පවසයි.
මිලේනියම් හවුසින් ඩිවලොපර්ස් පීඑල්සී සමාගම 2018 වසරේදී මෙම ඉඩම මිලදී ගෙන ඇති අතර, මොරගහහේන ප්‍රදේශය ආශ්‍රිතව සිදු කරන නිවාස ව්‍යාපෘතියක් එහි ඉදිකරන බවටද සඳහන් කර තිබුණි. එහිදී ඔවුන් මෙම ව්‍යාපෘතිය “මොරගහහේන හොරගල ස්ටේට්“ ලෙසද නම් කර තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ප්‍රයිම් ලෑන්ඩ්ස් රුපියල් මිලියන 440කට “හොරගල ස්ටේට්’ මිලට ගනී