IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ප්‍රයිම් රෙස්ඩන්සීස්-සන්කෙන් ‘The Colombo Border’ ව්‍යාපෘතියට ගිවිසුමක

  • කටුනායක අධිවේගී මාර්ගයේ පිවිසුමට විනාඩි 2 යි. 
  • අක්කර 5 ක හරිත උද්‍යානයක් 

ශ්‍රී ලංකාවේ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Prime Lands Residencies PLC සමාගමේ නවතම ව්‍යාපෘතිය ‘The Colombo Border’ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. එහි ඉදිකිරීම් සිදුකරනු ලබන්නේ මෙරට ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සමාගමක් වන Sanken Construction පුද්. සමාගම විසිනි. 1984 වර්ෂයේදී ආරම්භ වූ Sanken Construction පුද්. සමාගම මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළම පිළිගැනීමක් සහිත සමාගම් අතරින් එකක් ලෙස සැලකේ. 
සුඛෝපභෝගී නිවාස එකතුවකින් සමන්විත ‘The Colombo Border’ ව්‍යාපෘතියට නිදන කාමර 2 කින් සහ 3 කින් සමන්විත නිවාස මෙන්ම නිදන කාමර 4 කින් සමන්විත ‘Duplex Penthouses’ වර්ගයේ නිවාස සීමිත සංඛ්‍යාවක්ද ඇතුළත් වනු ඇත. විශේෂයෙන්ම තරුණ වෘත්තිකයන්ගේ රුචිකත්වයන්ට ගැළපෙන පරිදි, නවීනතම ගෘහ නිර්මාණාත්මක සැලසුම්වලට අනුව, ඉහළම තලයේ පහසුකම් සහිතව මෙම සුඛෝපභෝගී නිවාස ඉදිකෙරේ. මෙම නිවාස ව්‍යාපෘතිය කුලු‍නු 3 කින් සමන්විත වන අතර, ඒ අතරින් ‘Brielle Tower’ ඉදිකරනු ලබන්නේ Sanken Construction පුද්. සමාගම විසිනි. 
ව්‍යාපෘති භූමිය අක්කර 6.5 කින් සමන්විත වන අතර, ඒ අතරින් අක්කර 5 ක්ම හරිත අවකාශය සඳහා වෙන් කෙරේ. ගහකොළ පිරුණු මෙම සුන්දර ‘The Colombo Border’ ව්‍යාපෘතියේ ඉහළම නාගරික පහසුකම් සහිතව දිවි ගෙවන නිවැසියන්ට ස්වාභාවික පරිසරයේ සුව සහනය සිත් සේ අත්විඳීමට අවස්ථාව සලසා දෙනු ඇත. 
ප්‍රධාන පෙළේ සුඛෝපභෝගී ව්‍යාපෘති සම්බන්ධයෙන් Sanken Construction පුද්. සමාගමට දීර්ඝ ඉතිහාසයක් හා පළපුරුද්දක් ඇත. උසස්ම තත්වය හා විශිෂ්ටත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන එම සමාගම මේ වනවිට ව්‍යාපෘති රාශියක් සාර්ථක ලෙස ඉදිකර තිබේ. ඉදිකිරීම්වල විශිෂ්ටත්වය සම්බන්ධයෙන් Sanken Construction පුද්. සමාගම සතු දැක්ම, Prime Lands Residencies PLCසමාගමේ දැක්මට බෙහෙවින් සමාන ය. 
“The Colombo Border ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා අපSanken Construction පුද්. සමාගම තෝරාගත්තේ ඔවුන් විශිෂ්ටත්වය සහ උසස් ප්‍රමිතිය සම්බන්ධයෙන් අපට බෙහෙවින් සමාන ආකල්ප සහිත සමාගමක් නිසයි. ගුණාත්මකභාවය සහ නිරවද්‍යතාව සම්බන්ධයෙන් Sanken Construction පුද්. සමාගමට ඉහළ පිළිගැනීමක් හිමි වී තිබෙනවා.  
The Colombo Border ව්‍යාපෘතියේ මූලික අදියර (Piling) මේ වනවිට අවසන් වී ඇති අතර, ඉන් පසු අදියරේ (Super structure) ඉදිකිරීම් කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී. මෙම නිවාස එකතුව 2027 වසරේදී නිල වශයෙන් විවෘත වීමට නියමිත ය.



අදහස් (0)

ප්‍රයිම් රෙස්ඩන්සීස්-සන්කෙන් ‘The Colombo Border’ ව්‍යාපෘතියට ගිවිසුමක

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය
2025 මැයි මස 09 50 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්
2025 මැයි මස 09 37 0

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 09 20 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය
2025 මැයි මස 09 38 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන
2025 මැයි මස 09 15 0

විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය
2025 මැයි මස 09 16 0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 360 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1337 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 343 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site