ගොවියන්ගෙන් එළවළු ගන්න තැන ඉඳන් ඒ භාණ්ඩය පාරිභෝගිකයාට විකුණන තැන දක්වාම හොඳ සම්බන්ධතාවක් තියෙනවා නම් බිස්නස් එකේ රඳා පැවැත්මක් තියෙනවා. ඊට අමතරව අපි වෙළෙඳපොළ මිල සහ පාරිභෝගිකයා භාණ්ඩයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන මිල සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා නම් බිස්නස්වල කඩාවැටිමක් වෙන්නේ නැහැ.
කිරිබත්ගොඩ පතිරණ පලතුරු වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික 
ජේ.පී.ජේ.ජයලත්
මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට කිරිබත්ගොඩ වෙළෙඳ නගරයට ගිය ගමනේ දී අප ගොඩවැදුණේ පතිරණ පලතුරු වෙළෙන්දෝ වෙළෙඳ ආයතනය වෙතයි. ඒ ගිය ගමනේ දී එහි ව්‍යාපාරික ජේ.පී.ජේ.ජයලත් මහතා බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.
මේ දිනවල බිස්නස් කොහොමද?
බිස්නස්වල අඩුවීමක් වෙලා නැහැ. එළවළු සහ පලතුරු මිල ගණන් ස්ථාවරව පවතින්නේ නැහැ. ඒවා වැස්ස, නියගය කියන දේශගුණික සාධකත් එක්ක වෙනස් වෙනවා. අපි ඒ වෙනස්වීම හඳුනාගෙන පාරිභෝගිකයාට සාධාරණයක් කරනවා නම් බිස්නස්වල කඩාවැටීමක් වෙන්නේ නැහැ.
Qබිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?
අපි මීට කලින් කුරුණෑගල තමයි බිස්නස් කළේ. කොරෝනා එක්ක බිස්නස් පවත්වාගෙන යෑමේ ගැටලු ඇති වුණ නිසා තමයි කිරිබත්ගොඩට ඇවිත් මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ. මම බිස්නස් කරන්න පටන් අරගෙන වසර තිහක් වෙනවා. මේ වෙද්දී පුතයි මමයි එකතුවෙලා බිස්නස් එක පවත්වාගෙන යන්නේ. සේවක කුලි ගෙවන්න වියදමක් යොදවන්න අවශ්‍ය නොවන එකත් බිස්නස් එක හොඳ මට්ටමකට පවත්වා ගන්න හේතුවක්. 
වෙළෙඳපොළට නිකුත් කරන එළවළු පලතුරු අපි ගන්නේ මහනුවරින්. මම එහෙට ගිහින් ගන්නේ නැහැ. ඒ අය අපිට බඩු එවනවා. ගොවියන්ගෙන් එළවළු ගන්න තැන ඉඳන් ඒ භාණ්ඩය පාරිභෝගිකයාට විකුණන තැන දක්වාම හොඳ සම්බන්ධතාවක් තියෙනවා නම් බිස්නස් එකේ රඳා පැවැත්මක් තියෙනවා.
ඊට අමතරව අපි වෙළෙඳපොළ මිල සහ පාරිභෝගිකයා භාණ්ඩයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන මිල සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා නම් බිස්නස්වල කඩාවැටිමක් වෙන්නේ නැහැ.  ඒ කියන්නේ එළවළු අඩු මිලකට දුන්නොත් බිස්නස් තියෙනවා. අනෙක් වෙළෙන්දෝ බී ලූනු කිලෝ එකක් 150ට විකුණද්දී අපි බී ලූනු කිලෝ එකක් විකුණන්නේ 120ට නම් එතන බිස්නස් එකක් තියෙනවා. සමහර දිනවල උදේ ඉඳන් දහවල් 12 විතර වෙද්දී ලූනු බෑග් දෙකක් ඉවරයි. අඩුවට දුන්නොත් බිස්නස් තියෙනවා. මරාගෙන කෑවොත් බිස්නස් නැහැ. මෙන්න මේ තියරිය හරියට හඳුනා ගත්තොතින් බිස්නස්වල පාඩුවක් වෙන්නේ නැහැ.
 
මනීෂා වීරසිංහ
ඡායාරූප : ඉසුරු පෙරේරා
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1950										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1542										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 540										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාරිභෝගිකයාට සාධාරණයක් කරනවා නම් බිස්නස් වැටීමක් වෙන්නේ නැහැ
ගුණරත්න Wednesday, 09 July 2025 03:38 PM
ඔන්න ඔහොමයි ව්‍යාපාර කරන්න ඕනෑ. කරුණු කාරනා තේරුම් ගත් වැදගත් මහත්තයෙක්....