IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ප්‍රතිපත්ති පොළී අනුපාතිකවල වෙනසක් නෑ


 හර්ෂණ තුෂාර සිල්වා
 
 
ප්‍රතිපත්ති පොළී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. 
 
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පැවැති රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. 
 
මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 8 අගයේ ද නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 9 අගයේ ද පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය තීරණය කර ඇත. 
 
ඊට අමතරව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 6ක අගය පවත්වාගැනීමට ද තීරණය වී තිබේ.
 
දේශපාලන අර්බුදය නිසා විදේශිකයන් විශාල වශයෙන් කොටස් හා බැඳුම්කර විකුණා දැමීම නිසා රුපියල මත දැඩි පීඩනයක් එල්ල වී තිබුණද ශ්‍රී ලංකා මහ බැංකුව එලෙස පොළී අනුපාත නොවෙනස්ව තබා ගැනීමට කටයුතු කරන බව රොයිටර් පුවත් සේවය කරන ලද මත විමසුමක් ද පෙන්වා දී තිබිණි.
 
ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව දේශපාලන අර්බුදය ආරම්භ වීමෙන් පසු විදේශිකයන් රුපියල් බිලියන 13.7 කොටස් විකුණා දමා ඇති අතර ඔක්තෝබර් 25 වැනිදා සිට දෙසැම්බර් 19 වැනිදා දක්වා කාලයේදී රුපියල් බිලියන 56.7ක බැඳුම්කර විකුණා දමා ඇත. 
 
ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 27 වැනිදා දක්වා කාලයේදී රජයේ බැඳුම්කරවලින් පිටතට ගලායෑම්වල ශුද්ධ අගය රුපියල් බිලියන 149ක් යැයි ද ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි. 
 



අදහස් (1)

ප්‍රතිපත්ති පොළී අනුපාතිකවල වෙනසක් නෑ

Sathyayaa Friday, 28 December 2018 11:47 PM

කණකොක් සුද පෙනෙන්නේ ඉගිලෙන විටය. ජනයට තරු පෙනෙන්නේ හිරු නැති විටය. නහයට ගඳ දැනෙන්නේ.. කුණු වුණු විටය ඉහමොළ ගිනි ගන්නේ... කෙළවුණදා සිටය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 66 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 26 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site