(හර්ෂණ තුෂාර සිල්වා)
ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළ බව මේ වසරේ අවසන් මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව අද (27) ප්‍රකාශ කළේය.
ඒ අනුව ප්‍රතිපත්ති පොළී අනුපාත දැනට පවතින මට්ටමේ පවත්වා ගනිමින් ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ඉදිරියටත් පවත්වාගෙන යන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහ බැංකු පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව දෙනුම් දෙන ලද අතර එය මහාචාර්ය ලක්ෂ්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම සඳහා පැවැති පළමු මාධ්‍ය හමුවද විය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය දෙසැම්බර් 26 වැනිදා රැස්වී මේ බව තීරණය කර තිබෙන අතර ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 7% ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 8% ක් ලෙසත් පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.
එමෙන්ම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 5%ක අගයක පවත්වාගෙන යෑමට ද මුදල් මණ්ඩලය තීරණය කර ඇත.
දේශීය ආර්ථිකයේ පවතින තත්ත්වය සහ අපේක්ෂිත තත්ත්වය, මූල්‍ය වෙළෙඳපොළේ මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතා සැළකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
මුදල් මණ්ඩලයේ ඉහත තීරණය උද්ධමනය 4%ත් 6%ත් අතර පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමඟ අනුකූල වන බවත් මධ්‍යකාලීන ආර්ථිකයට එහි විභව වර්ධන මට්ටමට ළඟා වීමට සහාය වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප්‍රතිපත්ති පොළී අනුපාතිකය වෙනස් කරන්නේ නැති බව මහබැංකුව කියයි