භානුක අමරසිංහ
ප්‍රධාන විධායක නිලධාරිනී කෙයිරා සාන්ග්
|
සිංගප්පූරුව මූලස්ථානය කරගත් ලොව සුප්‍රසිද්ධ තීරු බදු රහිත සාප්පු සන්නාමයක් වන One World Duty Free (ODF) සිය නවතම තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ පළමු අදියර පසුගියදා කොළඹ පෝර්ට් සිටියේ Duty Free Mall ඵ්කක හිදී විවෘත කළේය.
ඒ අනුව මෙය One World Duty Free සමාගම දකුණු ආසියානු වෙළෙඳ පොළ වෙත උපායමාර්ගිකව ඇතුළුවීමේ අවස්ථාවක් ලෙසද සැලකෙයි. මෙම සාප්පු සංකීර්ණය හරහා ජාත්‍යන්තර සංචාරකයන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ දේශීය පාරිභෝගිකයන්ටද උසස්ම ආකාරයේ තීරුබදු රහිත සාප්පු අත්දැකීමක් ලබාදීම සැලසුම වී ඇතැයි පවසයි.
එසේම One World Duty Free හි දෙවැනි අදියරේ වැඩ අවසන් කිරීම මේ වසරේ මාර්තු මාසයේදී සිදු කිරීමටත් එම සමාගම සැලසුම් කරයි. මෙම පුළුල් වීමත් සමගින්ම පෝර්ට් සිටියේ Duty Free Mall හි වර්ග අඩි 12,800ක ඉඩක් එම සමාගම වෙත හිමි වෙයි.
මෙම මූලික අදියර යටතේ එම තීරුබදු රහිත සාප්පු සංකීර්ණය තුළ ප්‍රධාන නිෂ්පාදන වර්ග පහක් ඇතුළත් කර තිබේ. ඒ අනුව සුවඳ විලවුන්, මත්පැන් වර්ග, අවිකණ්ණාඩි, අත්ඔර්ලෝසු සහ ක්‍රීඩා භාණ්ඩ ඒවා වෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන One World Duty Free හි ප්‍රධාන විධායක නිලධාරිනී කෙයිරා සාන්ග් මෙසේ පැවසුවාය. “ශ්‍රී ලංකාවේ වරාය නගරය තුළ අපගේ සන්නාමය සහිත අලෙවිසලක් විවෘත කිරීමට ලැබීම ODF හි මෙහෙයුම් දකුණු ආසියානු වෙළෙඳ පොළ වෙත පුළුල් කිරීමේ වැදගත් අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළ සඳහා අපි ඉතාමත් පරෙස්සමෙන් තෝරාගත් ලෝක මට්ටමේ සන්නාම සහ භාණ්ඩ වර්ග ප්‍රමාණයක් මෙහි අලෙවි කරනවා. ඒ හරහා සංචාරකයන්ට සහ දේශීය පාරිභෝගිකයන්ටත් පෙර අත්නොවිඳි අත්දැකීමක් ලබාදීම අරමුණයි. එසේම මෙම මුලපිරීමත් සමගින්ම කොළඹ නගරය ලොව ප්‍රමුඛතම සිල්ලර සහ සංචාරක මධ්‍යස්ථානයක් බවට පත්වීමේ අවස්ථාවට සහායක් ලබා දේවි.
එම සමාගම සඳහන් කරන ආකාරයට කොළඹ වරාය නගරයේ පිහිටු වූ මෙම තීරු බදු සාප්පු සංකීර්ණය වෙත වාර්ෂිකව මිලියන 2කට අධික අමුත්තන් පිරිසක් ආකර්ශනය වනු ඇතැයි අපේක්ෂාව වී තිබේ.
මෙහිදී ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍ර හිමි ද්විත්ව පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයන්ට සහ මෙරට තුළ නේවාසික වීසා හිමි විදේශීය ගුවන් ගමන් බලපත්‍ර සහිත විදේශිකයන්ට, මෙරට වෙත පැමිණීමේදී පිළිගත හැකි ලියවිලි ඉදිරිපත් කර එක්සත් ජනපද ඩොලර් 2000ක තීරුබදු රහිත වාර්ෂික දීමනාවක් හිමි කරගත හැකිය.
එසේම විදේශීය ගුවන් ගමන් බලපත්‍රයක් සහිත විදේශික සංචාරකයන්ට මෙම තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේදී කිසිදු වාර්ෂික දීමනා සීමාවකට යටත් නොවන අතර, ඔවුන් මෙරටට පැමිණි දිනයේ සිට මෙම තීරු බදු සාප්පුවලින් භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව පවතී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පෝර්ට් සිටියේ One World Duty Free විවෘත කෙරේ