IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පෝර්ට් සිටියේ මරිනා ව්‍යාපෘතියේ වැඩ අද ඇරඹේ

භානුක අමරසිංහ


කොළඹ වරාය නගරය හෙවත් කලම්බු පෝර්ට් සිටියේ සිදුකරන මරිනා ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අද (10දා) ආරම්භ කිරීමට නියමිතය.

LOLC සමූහයෙහි ආයෝජන හස්තය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී මූලික ආයෝජනයෙන් පිහිටුවාගත් කලම්බු මරිනා ඩිවලොප්මන්ට් ලිමිටඩ් සමාගම මගින් මෙම ව්‍යාපෘතිය පවත්වාගෙන යයි. 

මේ වෙනුවෙන් කොළඹ පෝර්ට් සිටියේ ඉඩම් කට්ටි හතරක් එම සමාගම වෙත වෙන් කරදී තිබේ. මේ සඳහා බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම සිදු කර ඇති ආයෝජනය ඩොලර් මිලියන 100කට අධිකය.

මෙම මරිනා ව්‍යාපෘතිය ක්‍රමෝපායික අතින් වැදගත් ව්‍යාපෘතියක් ලෙස පසුගිය වසරේ අගෝස්තු මාසයේදී කැබිනට් මණඩලයේද පිළිගැනීමට ලක් විය. ඒ හරහා එම ව්‍යාපෘතිය වෙත විශේෂිත සහන මෙන්ම දිරිගැන්වීම්ද හිමිව තිබේ. 

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලංකාදීප FT වෙත අදහස් දැක්වූ කොළඹ පෝර්ට් සිටියේ ක්‍රමෝපායික සහ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී තුල්සි අලු‍විහාරේ මහතා, මෙය කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තුළ සිදු කරන පළමුවැනි සංවර්ධන ව්‍යාපෘතිය බව පැවසීය. එසේම මේ සමගින්ම කොළඹ වරාය නගරයෙහි වටිනාකම මෙන්ම ආකර්ෂණයද ඉහළ යනු ඇතැයි ඔහු සඳහන් කළේය.

“මේ මරිනා ව්‍යාපෘතියේ මූලික අරමුණ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමයි. විශේෂයෙන්ම යුරෝපයේ සිට රතු මුහුද හරහා ධනවත් සංචාරකයන් රැගෙන පැමිණෙන සුඛෝපභෝගී මගී යාත්‍රා සඳහා ඩුබායි සහ මාලදිවයින අතර නැවතුම්පොළක් විදියට මෙය ප්‍රචලිත කිරීම අපේක්ෂාවයි. ඒ සඳහා සුදුසු ලෙස මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබෙනවා.“ යනුවෙන්ද ඒ මහතා මෙහිදී පවසා සිටියේය. 

මෙම මරිනා ව්‍යාපෘතිය තුළ සුඛෝපභෝගී යාත්‍රා 243ක් රඳවා තැබිය හැකි ලෙස නවීනතම පහසුකම් නිර්මාණය කරනු ඇතැයි සඳහන් වෙයි. මෙම පහසුකමට අමතරව එහි අමුත්තන් සඳහා වන සමාජශාලා, ආපනශාලා, සිල්ලර වෙළෙඳ සැල්, විනෝදාස්වාදන ස්ථාන, ඉසව් පැවැත්වීම සඳහා වන අවකාශ සහ ප්‍රමාණවත් රථ වාහන ගාල් කිරීමේ පහසුකම්වලින්ද සමන්විත වනු ඇතැයි පැවසෙයි.

 



අදහස් (0)

පෝර්ට් සිටියේ මරිනා ව්‍යාපෘතියේ වැඩ අද ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 289 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 93 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 783 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site