IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


පැමිණිල්ලක් කළොත් වත්කම් උපයාගත් ආකාරය අන්තිම සතේට පැහැදිලි කරන්නම් - මහ බැංකු අධිපති

  • වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව ආචාර්ය නන්දලාල් වීරසිංහ හා ඔහුගේ පවුල සතුව රු.245,979,337ක්, ඇ.ඩො. 581,018ක් සහ ඔස්ට්‍රේලියානු ඩොලර් 16,730ක වත්කම්
  • එම ප්‍රකාශයට අනුව මහ බැංකු අධිපතිවරයාගේ සහ ඔහුගේ පවුලේ සමස්ත වත්කම රුපියල් කෝටි 42 කට ආසන්නයි
  • දේශීය ආදායම් දෙපර්තමේන්තුවේ ආදායම් බදු ලිපි ගොනුවක් විවෘත කළේ මීට වසර 40 කට පෙර
  • තමන් සහ සිය පවුලේ සාමාජිකයන් ආයෝජනය කර ඇත්තේ මහ බැංකුවේ චර්යා ධර්ම සංග්‍රහයට අනුකූලව
  • වත්කම් බැරකම් ප්‍රකාශය ගැන හෝ බදු ලිපිගොනුව පිළිබඳ හෝ ප්‍රශ්න තිබේ නම් පැමිණිලි කරන්න පුළුවන්
  • වතක්ම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාජ්‍ය පාලන ඇස්තමේන්තුවේ නිර්දේශ වූවක්

විමුක්ති එස්. රුද්‍රිගු


දූෂණ විරෝධී පනතේ විධිවිධානවලට අනුකූලව ලබාදී ඇති වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් තමන්ගේ සහ තම පවුලේ සියලු‍ම වත්කම් උපයා ඇත්තේ නීත්‍යානුකූලව බවත්, ආදායම් උපයාගත් ආකාරය පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් අවශ්‍ය ඕනෑම අයකුට ඒ පිළිබඳව නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (24) ප්‍රකාශ කළේය.
එලෙස පැමිණිලි කරන ඕනෑම අයකුට තමන් වත්කම් උපයාගත් ආකාරය අන්තිම සතේට පැහැදිලි කිරීමට බැඳී සිටින බවද මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය. තමන් මේ ආකාරයෙන්ම පසුගිය වසරේ මෙන්ම, ඊට පෙරද මෙලෙස වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙන බවද ඔහු පැවැසුවේය. තමන් දේශීය ආදායම් දෙපර්තමේන්තුවේ ආදායම් බදු ලිපි ගොනුවක් විවෘත කරනු ලැබුවේ මීට වසර 40 කට පෙර බවත්, තමන් උපයා ඇති වත්කම්වලට අන්තිම සතේට ආදායම් බදු ගෙවා තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
තමාට පමණක් නොව මහ බැංකුවේ සේවය කරන ඕනෑම නිලධාරියකුට චර්යා ධර්ම සංග්‍රහයක් තිබෙන බවත්, තමන් සහ සිය පවුලේ සාමාජිකයන් ආයෝජනය කර ඇත්තේ එම චර්යා ධර්ම සංග්‍රහයට අනුකූලව බවත් මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය. තමන් එම චර්යා ධර්ම සංග්‍රහය කිසිම විටකත් උල්ලංඝනය කර නොමැති බවත්, නමුත් ඕනෑම අයකුට තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශය ගැන හෝ බදු ලිපිගොනුව පිළිබඳ ප්‍රශ්න තිබේ නම් පැමිණිලි කළ හැකි බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
වතක්ම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම ඉතාමත් හොඳ දෙයක් බවත්, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාජ්‍ය පාලන ඇස්තමේන්තුවේ නිර්දේශ වූවක් බවත් ආචාර්ය වීරසිංහ මහතා පැවැසුවේය.
ප්‍රතිපත්ති පොලී අනුපාතික සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේදී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙම අදහස් පළ කළේය.
ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව ඔහු හා ඔහුගේ පවුල සතුව රු.245,979,337ක්, ඇ.ඩො. 581,018ක් සහ ඔස්ට්‍රේලියානු ඩොලර් 16,730ක වත්කම් තිබේ. එම ප්‍රකාශයට අනුව මහ බැංකු අධිපතිවරයාගේ සහ ඔහුගේ පවුලේ සමස්ත වත්කම රුපියල් කෝටි 42 කට ආසන්න වේ. එම වත්කම්වලට භාණ්ඩාගාර බැඳුම්කරද අයත් වන අතර, මහ බැංකු අධිපතිවරයාව සිටියදී භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේය.



අදහස් (0)

පැමිණිල්ලක් කළොත් වත්කම් උපයාගත් ආකාරය අන්තිම සතේට පැහැදිලි කරන්නම් - මහ බැංකු අධිපති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1267 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 462 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site