භානුක අමරසිංහ
පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී, ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2025 පෙබරවාරි මස 15 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇතැයි එම බැංකුව පවසයි.
එම බැංකුව මගින් පසුගියදා කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම්දීමක් කරමින් මේ බව සඳහන් කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය මගින් ගනු ලැබූ නියාමන ක්‍රියාමාර්ගයක් අනුව මෙම අත්හිටුවීම සිදු කෙරී තිබේ. ඒ අනුව මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් රජයේ සුරැකුම්පත් සඳහා වන ප්‍රාථමික වෙන්දේසිවලට සහභාගි වීමට පෑන් ඒෂියා බැංකුවට ඇති හැකියාව අත්හිටුවනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
කෙසේ වෙතත්, මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් පෑන් ඒෂියා බැංකුවේ සාමාන්‍ය ක්‍රියාකාරකම් හා ද්විතියික වෙළෙඳපොළෙහි සිදු කරන ගනුදෙනු සඳහා කිසිදු බලපෑමක් ඇති නොවන බව මහ බැංකුව අවධාරණය කරන බවත් පෑන් ඒෂියා බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පෑන් ඒෂියා ප්‍රාථමික අලෙවිකරණ ව්‍යාපාර තවත් මාස හයකට අත්හිටුවෙයි