බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025 වෙත ඇතුළුවීමට පවතින අධික තදබදයෙන් මිදී වඩාත් පහසුවෙන් ටිකට් පත් මිලදී ගැනීමේ අවස්ථාව හිමිකරදීමට එහි නිල ගමන් හවුල්කරුවා වන PickMe යටතේ පවතින PickMe Events කටයුතු යොදා තිබේ.
ඒ අනුව මෙවර පොත් ප්‍රදර්ශනය නැරඹීමට යන පිරිසට PickMe ඇප් වැඩසටහන හරහා තමන්ට අවශ්‍ය ටිකට් පත් මිලදී ගැනීමට හැකිය. අනතුරුව ප්‍රදර්ශන භූමියට ඇතුළුවන ස්ථානයේ පිහිටා ඇති PickMe හි විශේෂිත කවුන්ටරයේ ඇති QR කේතය ස්කෑන් කර ප්‍රදර්ශනය වෙත ඇතුළු වීමේ අවස්ථාව ලැබේ.
සැප්තැම්බර් 27 වැනිදා ආරම්භ වී ලබන ඔක්තෝබර් 06 වැනිදා දක්වා ප්‍රදර්ශනය පැවැත්වෙන දින 10ක් පුරාම මෙම පහසුකම පිරිනමන බව PickMe පවසයි. එහිදී ජනතාව වෙත මෙලෙස ඩිජිටල් ආකාරයෙන් පරීක්ෂා කර ඇතුළුවීමේ අත්දැකීම වෙත පිවිසීම උනන්දු කරවීම සඳහා, PickMe භාවිත කරන්නන්ට නොමිලේ ටිකට් පත් තුනක් පිරිනැමීමටද කටයුතු යොදා තිබේ.
මේ අතර වැඩි පොත් ප්‍රමාණයක් මිලදී ගන්නා පිරිසට කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 100ක් වැනි ඉතාමත් අඩු මිලකට එම පොත් ලංකාවේ ඕනෑම තැනක පිහිටි සිය නිවෙසට ප්‍රවාහනය කර දීමට PickMe Courier සේවාවද ඉදිරිපත්ව සිටින බව පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
පොත් ප්‍රදර්ශනයේ ටිකට් මිලදී ගැනීමට PickMe වෙතින් අවස්ථාව