IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පෝට් සිටියට චීනයෙන් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක්

චීනයේ ප්‍රදානයක් ලෙස, කොළඹ පෝට් සිටි පරිශ්‍රයේ, සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිල්ලක් ඉදිවීමට නියමිත බවත්, මෙය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිල්ලටත් වඩා විශාල ගොඩනැගිල්ලක් වනු ඇති බවත් පැවැසෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරය අතරතුරේ ඇති කරගත් එකඟතාවකට අනුව පෝට් සිටි කේන්ද්‍ර කොට ගනිමින් මෙම සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිල්ල ඉදිවනු ඇති බවත් එමගින් රටට ඩොලර් ගලා එනු ඇති බවත් සඳහන්ය.
නව සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කෙරෙනු ඇති බවත්, එය වර්ග මීටර් 20,000 - 30,000 ක් ප්‍රමාණයේ ගොඩනැගිල්ලක් බවත්, ආසන 3,000කින් යුත් ශ්‍රවණාගාරයක්, ආසන 4,000 කින් යුත් බහුකාර්ය ශාලා සහ රැස්වීම් කාමර පමණක් නොව, විවේකාගාර ද ඊට ඇතුළත් වනු ඇති බවත් පැවැසෙයි. ඊට අමතරව, ප්‍රධාන පෙළේ හෝටල්වල ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් කාමර 400 සිට 450 දක්වා ඉදිවනු ඇති බවත් පැවැසෙයි.
විදෙස් ඇමැති විජිත හේරත් මහතා ද මේ සම්බන්ධයෙන් රූපවාහිනී දේශපාලන වැඩසටහනක් අතරතුරේ තහවුරු කළේය.



අදහස් (0)

පෝට් සිටියට චීනයෙන් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 247 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site