IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නෙස්ලේ ලංකා නව කළමනාකාර අධ්‍යක්ෂ බර්නාඩ් ස්ටෙෆාන්

නෙස්ලේ ලංකා සමාගමේ නව කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස බර්නාඩ් ස්ටෙෆාන් මහතා 2023 මාර්තු 01 වැනිදා සිට රාජකාරි ආරම්භ කළේය. ඒ, මෙතෙක් එම ධුරයේ කටයුතු කළ ජේසන් ඇවන්සෙන්‍යා මහතාගේ ධුර කාලය 2023 පෙබරවාරි 28 දිනෙන් අවසන් වීමත් සමඟය.

අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් තුළ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නෙස්ලේ ව්‍යාපාර කටයුතුවලට සාර්ථකව නායකත්වය ලබාදුන් ජේසන් ඇවන්සෙන්‍යා මහතා, 2023 මාර්තු 1 වැනිදා සිට නෙස්ලේ පාකිස්ථානයේ සහ නෙස්ලේ ඇෆ්ගනිස්ථානයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස පත්වීම ලැබීය.

වසර 22කට වැඩි කාලයක අත්දැකීම් සමඟින් නෙස්ලේ ලංකා සමාගමට පැමිණෙන  බර්නාඩ් මහතා, සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන ලද්දේ ප්‍රංශයේ Nestle Watersහි සමාගම් ඒකාබද්ධකරණ සහ අත්පත්කර ගැනීමේ  අංශයෙනි. ඉන් අනතුරුව එක්සත් රාජධානිය, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය වැනි රටවලට ද Nestle Waters හි විවිධ තනතුරු ඉසිලූ ඒ මහතා, 2007 වසරේදී ජර්මනියේ Nestle Waters Direct හි ව්‍යාපාර කළමනාකරු ලෙස පත්වුණේය.

ඉන් වසරකට පසු ඕස්ට්‍රේලියාවේ Nestle Peters Ice Cream හි මාර්ග විකුණුම් සහ මෙහෙයුම් අංශ ප්‍රධානියා ලෙස ඒ මහතා වැඩ භාරගත්තේය. එම තනතුරේ වසර හතරකට වැඩි කාලයක් කටයුතු කිරීමෙන් අනතුරුව ඔහු 2012 වසරේදී චීන කලාපයේ ප්‍රධාන ක්‍රමෝපාය සහ ව්‍යාපාර සංවර්ධන  නිලධාරියා ලෙස සේවය කළ ඒ මහතා 2017 වසරේදී යළි ස්විට්සර්ලන්තය බලාගිය ඔහු ආසියානු, ඕෂනියා සහ අප්‍රිකානු කලාප කළමනාකරු ලෙස කටයුතු කළේය. එම කාලය තුළ චීනය, දකුණු ආසියාව, නෙස්ලේ පාකිස්ථාන් සහ එම කලාපයේ අයිස්ක්‍රීම් අංශයේ ප්‍රධාන අලෙවි, විකුණුම් සහ ඊ-වානිජ ප්‍රධානියා ලෙස රාජකාරි කළේය. මීට වසරකට ඉහතදී Greater China කලාපය නිර්මාණය කිරීමෙන් අනතුරුව එහි නියෝජ්‍ය ප්‍රධානියා ලෙස බර්නාඩ් මහතා සේවය කළේය.

595



අදහස් (0)

නෙස්ලේ ලංකා නව කළමනාකාර අධ්‍යක්ෂ බර්නාඩ් ස්ටෙෆාන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site