IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නේෂන්ස් ට්‍රස්ට් බැංකුව දකුණු පළාතේ ව්‍යාපාර ශක්තිමත් කරමින් ආර්ථික වර්ධනයට දායක වෙයි

දේශීය ආර්ථිකයේ ප්‍රගතියට සහාය වීම අරමුණු කරගනිමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, දකුණු පළාතේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සහ Private Banking ගනුදෙනුකරුවන් සඳහා විශේෂ වැඩසටහනක් පවත්වන ලදී. මෙය, ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම වෙනුවෙන් බැංකුව විසින් ආරම්භ කරන ලදි Beyond Ordinary ’ වැඩසටහනේ නවතම පියවරයි. මෙම වැඩසටහනට සහභාගී වූ ව්‍යාපාරික නායකයන්ට දැනුම හුවමාරු කර ගැනීමට, නව ව්‍යාපාරික සබඳතා ගොඩනගා ගැනීමට මෙන්ම වෙළෙඳපොළ පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමට සහ නිරන්තරයෙන් වෙනස් වන ආර්ථික වාතාවරණය තුළ ව්‍යාපාර කටයුතු සාර්ථකව සිදු කිරීමට අවශ්‍ය මූල්‍ය විසඳුම් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ද අවස්ථාව හිමිවිය.

මෙම සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වූ Advocata Institute හි ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා, දේශීය හා ගෝලීය වෙළෙඳපොළේ නව ප්‍රවණතා සහ අභියෝග පිළිබඳව සිය විශේෂඥ දැනුම හා අත්දැකීම් බෙදා ගත්තේය. එමෙන්ම, ව්‍යාපාරවලට අභියෝග ජය ගතහැකි ආකාරය සහ නව ව්‍යාපාර අවස්ථා අත්පත් කර ගැනීමෙන් රටේ සමස්ත ආර්ථිකයට වටිනාකමක් එක් කරමින් තිරසාර වර්ධනයක් කරා යොමු විය හැකි ආකාරය පිළිබඳව ද ඔහු සවිස්තරාත්මකව කරුණු පැහැදිලි කළේය.

මෙම සමුළුවේ දී, ලංකාවේ පිළිකා රෝගීන් සඳහා සත්කාර සේවා සපයන සුවිශේෂී වැඩසටහනක් වන TrailSL හි කරාපිටිය පිළිකා රෝහල් ව්‍යාපෘතියට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ලබා දෙන සහයෝගය පිළිබඳව අවධානය යොමු කෙරිණි. මෙම අවස්ථාවට සහභාගී වූ TrailSL හි සම නිර්මාතෘවරුන් වන මහේල ජයවර්ධන සහ නාදන් සිවගනානාදන් මහත්වරු, උසස් අරමුණක් වෙනුවෙන් ප්‍රජාව සහ ව්‍යාපාර එක්ව කටයුතු කිරීමේ කැපවීම තවදුරටත් තහවුරු කළේය.  

මෙම අවස්ථාවේ දී සිය අදහස් දක්වමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ වාණිජ බැංකුකරණයේ විධායක උප සභාපති අරෝෂ ලියනආරච්චි මහතා මෙසේ පැවසීය. “නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අප, බැංකු අවශ්‍යතා සපයන්නකුට පමණක් සීමා නොවී, පුද්ගලයන්ගේ සහ සමස්ත සමාජයේ තිරසාර වර්ධනයට අත්වැලක් වන ව්‍යාපාරික හවුල්කරුවකු ලෙස ද කටයුතු කරනවා. ව්‍යාපාර, අභියෝගාත්මක කාලසීමාවල දී නොනැසී පැවතීමට සහ වර්ධනය වීමට නම් වෙළෙඳපොළ පිළිබඳ දැනුවත්ව, වෙනස්වීම් වලට අනුවර්තනය වෙමින් ශක්තිමත්ව සිටීම අත්‍යවශ්‍යයි. එමනිසා මෙවැනි වැඩසටහන් ඔස්සේ දේශීය හා ගෝලීය ව්‍යාපාරික අවස්ථා සහ අභියෝග පිළිබඳ සැලකිලිමත් වෙමින්, අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට අවශ්‍ය ව්‍යාපාර සහ ආර්ථික ප්‍රවණතා පිළිබඳ දැනුම, නිවැරදි ව්‍යාපාර තීරණ ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ, සහ ඔවුන්ගේ අවශ්‍යතා අනුව සකස් කළ විශේෂ බැංකු විසඳුම් ලබා දීමට අප අපේක්ෂා කරනවා. 



අදහස් (0)

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව දකුණු පළාතේ ව්‍යාපාර ශක්තිමත් කරමින් ආර්ථික වර්ධනයට දායක වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site