IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


නව ටින්මාළු කර්මාන්ත ශාලාවක් තංගල්ලේ විවෘත කෙරේ

 මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඇතුළු ආරාධිතයන් ටින් මාළු කර්මාන්ත ශාලාව විවෘත කළ අවස්ථාව.


  • සේවක පිරිස 150ක්
  • දිනකට ටින් මාළු ටින් 50,000 ක් නිෂ්පාදනය කළ හැකියි
  • දිනකට මෙරට ධිවරයන්ගෙන් මාළු කිලෝ 30,000 ක් පමණ මිලට ගනී

යොහාන් භාසුර


නව ටින්මාළු කර්මාන්ත ශාලාවක් තංගල්ල, පලතුඩුව ප්‍රදේශයේදී නිෂ්පාදන කටයුතු පසුගියදා ආරම්භ කළේය.
මෙරට මාළු අස්වැන්නෙන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින් දිනකට ටින් මාළු ටින් 50,000 ක් නිෂ්පාදනය කළ හැකි මෙම කර්මාන්ත ශාලාවෙන් ‘Sea Prince’ නාමයෙන් ටින්මාළු දේශීය වෙළෙඳපොළට සපයයි. පුද්ගලයන් 150 ක් පමණ සේවය කරන එම කර්මාන්ත ශාලාව දිනකට මෙරට ධීවරයන්ගෙන් මාළු කිලෝග්‍රෑම් 30,000 ක් පමණ මිලදී ගනී.
දේශීය ව්‍යවසායකයෙක් වන දුෂ්මන්ත ඉන්දික ලියනගේ මහතා මෙම දුෂ්මන්ත ලියනගේ පෞද්ගලික සමාගමේ හිමිකරු වේ.
ඉන්දික මහතා පැවසුවේ නිෂ්පාදනය ආරම්භයේදී එහි ටින්මාළු නිෂ්පාදන දේශීය වෙළෙඳපොළට පමණක් සපයන බවත් මාස කීපයක් ගතවීමෙන් පසුව දකුණු කොරියාව ඇතුළු රටවල් කීපයක ටින්මාළු අපනයනය කිරීමට ද බලාපොරොත්තු වන බවයි.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ, හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති, හිටපු අමාත්‍ය දයා ගමගේ සහ රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 



අදහස් (0)

නව ටින්මාළු කර්මාන්ත ශාලාවක් තංගල්ලේ විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 163 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 376 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site