ඇල්ල ප්‍රසාද් රුක්මල්
හැත්තෑ හත් වැනි ජාතික නිදහස් දිනයදා බදුල්ල ශික්ෂණ රෝහලේ දී උපත ලද බිළිඳුන් ට සමරු තිළිණ ත්‍යාග පිරිනැමීමේ උත්සවයක් ඊයේ (4) බදුල්ල ශික්ෂණ රෝහලේ දී පැවත්විණ .
"නිදහසේ උපත" නමින් මෙම උත්සවය බදුල්ල මහජන බැංකුවේ ප්‍රාදේශීය කාර්යාලය මගින් සංවිධානය කර තිබිණය.මෙහිදී නිදහස් දින බදුල්ල ශික්ෂණ රෝහලේ දී උපත ලද බිලිඳුන් 25 කට පමණ වටිනා සමරු තිළිණ ත්‍යාග බෙදා දුන්නේය .
බදුල්ල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ගයාන් කුරේ , ප්‍රසව හා නාරීවේද විශේෂඥ වෛද්‍ය කපිල හංවැල්ල, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනී විනිතා රත්නායක , විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරි පී එල් සිල්වා , වාට්ටු භාර හෙද සොහොයුරියන් වන ආර්.ඩබ්ලිව් .සී.කරුණාතිලක ,එන්.හේවාගමගේ , මහජන බැංකුවේ බදුල්ල ප්‍රාදේශීය කලමනාකාරිනී ප්‍රියංකා රත්නසිරි , සහකාර ප්‍රාදේශීය කළමනාකාරිනී පද්මා රත්නායක , බදුල්ල මුතියන්ගන ශාඛා කළමනාකාරිනී අමිතා සූරියප්පෙරුම , බදුල්ල ශාඛා කළමනාකාරිනී ආශා කළුආරච්චි යන මහත්ම, මහත්මින් ඇතුළු මහජන බැංකු සේවක පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ .
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නිදහස් දා බදුල්ල රෝහලේ උපන් බිලිඳුන්ට මහජන බැංකුවෙන් තිළිණ