IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


නැගෙනහිර ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවූ “Finlit Expo”‍

ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව


නැගෙනහිර ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම අරමුණු කරගෙන ත්‍රිකුණාමල හින්දු සංස්කෘතික ශාලාවේදී “Finlit Expo”‍ (පින්ලිට් එක්ස්පෝ) නමින් ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකා මහා බැංකුවේ නැගෙනහිර පළාත් ප්‍රාදේශීය කාර්යාලය මගින් පසුගියදා (22) පවත්වනු ලැබීය.
ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රකාශයට පත්කර ඇති මූල්‍ය සාක්ෂරතා මාසය සමරනු වස් රාජ්‍ය හා වාණිජ බැංකු සම්බන්ධ කරගෙන මෙම ප්‍රදර්ශනය පවත්වනු ලැබූ බව මහා බැංකුවේ ප්‍රාදේශීය කළමනාකරු (නැගෙනහිර) කේ. ප්‍රභාකරන් මහතා පැවසීය. මෙහි සමාරම්භක අවස්ථාවට ත්‍රිකුණාමලය දිසාපති ඩබ්ලිව්.ජී. මහේස් හේමන්ත කුමාර මහ බැංකුවේ අධ්‍යක්ෂ (ප්‍රාදේශීය සංවර්ධන) චතුර ආරියදාස යන මහත්වරු සහභාගී වූහ.
මෙම ප්‍රදර්ශනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ආයෝජන අවස්ථා හඳුනා ගැනීමේ පහසුකම්, ණය තොරතුරු කාර්යාංශයේ සේවා, සිසුන් හා තරුණ ප්‍රජාව සඳහා වෘත්තීය පුහුණු මාර්ගෝපදේශ, ව්‍යවසාය සංවර්ධන ඇතුළත්ව තිබු අතර මහ බැංකු යටතේ ක්‍රියාත්මක සේවක අර්ථසාධක අරමුදලේ හා සේවක භාරකාර අරමුදල් තොරතුරු ලබා ගැනීමේ පහසුකම් මෙහි සලසා තිබුණි. මහ බැංකුව මෙතෙක් ප්‍රකාශයට පත් කළ මුදල් කෞතුකාගාරයද මෙම ප්‍රදර්ශනයට ඇතුළත් කර තිබුණි.
මෙම සමාරම්භක අවස්ථාවට ත්‍රිකුණාමලය අතිරේක දිසාපති එස්. සුදාකරන් මහතා, රාජ්‍ය හා වාණිජ බැංකු කළමනාකරුවෝ පාසල් සිසුහුද එක්ව සිටියහ.



අදහස් (0)

නැගෙනහිර ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවූ “Finlit Expo”‍

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 358 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2157 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1636 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site