විමුක්ති එස් රුද්‍රිගු
දකුණු ආසියාවේ පුරා රැකියා වෙළෙඳපොළවල කෘතිම බුද්ධි කුසලතාවලට තිබෙන ඉල්ලුම අඛණ්ඩ වේගයකින් ඉහළ යමින් පවතින බවත්, ශ්‍රී ලංකාවේ කෘතීම බුද්ධි වෙළෙඳපොළ දකුණු ආසියාවේ අනෙකුත් රටවල්වලට වඩා වේගයෙන් වර්ධනය වෙමින් පවතින බවත් ලෝක බැංකුව පසුගියදා ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් දකුණු ආසියාවේ රටවල් අතරින් මානව හැකියාවන්ට කෘතීම බුද්ධි තාක්ෂණය එක් කිරීම අතුරින් ශ්‍රී ලංකාව පහළ ස්ථානයක සිටින බවත්, කුසලතා භාවිතය වැඩි දියුණු නොකර කෘතීම භාවිතය වේගවත් වුවහොත් රැකියා අවතැන්වීමක් සිදුවනු ඇති බවත් ලෝක බැංකුව පැවැසුවේය. ශ්‍රී ලංකාවේ සියලුම වෘත්තීය සහ පරිපාලන රැකියා පළ කිරීම්වලින් සියයට 7.3 කට කෘතීම බුද්ධිය ආශ්‍රිත කුසලතා අවශ්‍ය වී ඇති බවත් එය කලාපයේ ඉහළම ප්‍රතිශතය බවත් ලෝක බැංකුව පෙන්වා දී ඇත.
2023 වසරේ ජනවාරි මාසයේ සිට 2025 වසරේ මාර්තු මාසය දක්වා කෘතීම බුද්ධි කුසලතාව අවශ්‍ය රැකියා පළ කිරීම් දෙගුණයකින් සියයට 2.9 සිට සියයට 6.5 දක්වා දකුණු ආසියානු කලාපය තුළ වර්ධනය වී තිබෙන බව ලෝක බැංකුව ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 04
358
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2157
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1636
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ද. ආසියාවේ රැකියා වෙළෙඳපොළේ කෘත්‍රිම බුද්ධියට ඉල්ලුම ඉහළට