ශ්රී ලංකාවේ සංවර්ධනය එක්තරා සන්ධිස්ථානයකට ළඟා වී තිබේ. පසුගිය කාලයේ ආර්ථික පසුබෑම සැලකිය යුතු පීඩනයක් ඇති කරන ලද අතර අද වනවිට තාවකාලික ස්ථාවරභාවයක් ලබාගෙන ඇත. ආර්ථිකය බිඳ වැටෙන හේතු වශයෙන් දූෂණය සහ මහා පරිමාණ වංචා හුවා දක්වන ලද නමුත් බලයට පත්වීම සඳහා එම චෝදනා ගැළපේ. ආණ්ඩු බලය ලබාගත් පසු අලුත් සැලසුමකට යා යුතුවේ. දේශීය හෝ විදේශීය වශයෙන් ආයෝජන අවශ්‍යය. කර්මාන්ත හා ව්‍යාපාර සක්‍රීය කළ යුතු අතර රටට ධනය ලැබෙන ක්‍රම සම්පාදනය කරගත යුතුව තිබේ. දූෂණය වළක්වන තීරණවලින් පමණක් ආර්ථිකයක් ගොඩනැගෙන්නේ නැත.
2024 වසරේ වාර්තා පෙන්වන ආකාරයට ආර්ථික වර්ධනය සියයට පහකි. එහෙත් මෙම වසරේ සහ ලබන අවුරුද්දේ සියයට හතරකට අඩු වර්ධනයක් තිබිය හැකි බව පුරෝකථනය වී තිබේ. අලුත් සැලැස්මක් හඳුන්වාදෙන ප්‍රතිසංස්කරණ අවශ්‍ය කෙරේ. පසුගිය වසරේ වර්ධනය සමග පරිභෝජනය ඉහළ යන අතර අවශ්‍ය සැපයුම අනිවාර්ය වේ. රට තුළ නිෂ්පාදනය දියුණු කළ යුතු අතර ආනයන සඳහා ඉඩ සැපයිය යුතුවේ. එවැනි ක්‍රියාමාර්ගවලින් රජයේ වියදම ඉහළයනු ඇත. දැනට පවතින අඩු උද්ධමන අනුපාතිකය වෙනස්වන අතර විනිමය අනුපාතිකයට ද පීඩනයක් එල්ලවීමට ඉඩ තිබේ. සාමාන්‍ය තත්වය ඉක්මවන අලුත් රාමුවක් සකස් නොකළහොත් ජාතික ජන බල බලවේගය පාලනයෙන් ඇති කරන්නට අපේක්ෂා කරන යුගය ගැටලුකාරී වියහැක.
විපක්ෂය පහසුය ආණ්ඩුව සැලසුමකට යා යුතුය
ප්‍රජාතන්ත්‍රවාදී රටක විපක්ෂය පහසු පසුබිමක පසුවේ. ඕනෑම කාරණයක් ගැන විරුද්ධ මත ඇති කළ හැක. විරුද්ධවීම හේතුකොටගෙන නිෂ්පාදනයක් වෙන්නේ නැත. කාර්යක්ෂමතාව හෝ ඵලදායීතාව ඇති නොකෙරේ. සාමාන්‍ය තීරණ ගැනීමේ වේගය තවත් අඩාළ කරනු ඇත. පසුගිය කාලයේ ව්‍යාපෘති, ආයෝජන සහ රජයේ තීරණ විපක්ෂ කණ්ඩායම්වල දරුණු විවේචනයට පත් විය. බලශක්තිය, වරාය, මාර්ග සංවර්ධනය, තොරතුරු තාක්ෂණය හෝ ආයෝජන අංශ ඉදිරියේ විපක්ෂ කණ්ඩායම් අනුගමනය කරන ලද විරෝධතා අවසානයේ රටට වාසි අත්පත් වී නැත.
විරෝධතා, අධිකරණ ක්‍රියාමාර්ග හා නිලධාරීන් බිය කිරීමෙන් පසු මග හැරී ගිය අවස්ථා සිහිපත් කරගැනීම වටී. බලන්නට අවශ්‍යය. ඉදිරියේ ඇති අනතුර තේරුම්ගත යුතු වේ. අද මගහැරණහොත් අනාගතය තවත් දුෂ්කර විය හැක.
මෙරට ජනගහනයෙන් සියයට 12.3 ක් වියපත් ජනගහනයකි. දකුණු ආසියාවේ වයස අවුරුදු හැටට වැඩි ජනගහන ප්‍රතිශතය ඉහළම රට වශයෙන් ශ්‍රී ලංකාව නම් කර තිබේ. ලෝක බැංකුවේ එම සඳහන අනුව බස්නාහිර පළාතේ පමණක් වයස අවුරුදු හැට ඉක්මවන ජන කොටස ප්‍රතිශතයක් වශයෙන් සියයට 31.7 කි. තවත් වසර පහළොවක් ඇවෑමෙන් මෙම ඉලක්කම සියයට විසි පහක් දක්වා වැඩිවේ. වත්මන් ආණ්ඩුව වේගයෙන් තීරණ ගෙන ආර්ථිකය සංවර්ධනය කළ යුතු අතර එයට අවහිර කරන විපක්ෂ කණ්ඩායම් තවත් දශකයකට දෙකකට පසු ඇති විය හැකි අවදානම අවධානයට ගත යුතුවේ. ආණ්ඩු හැමදාම බලයේ ඉන්නේ නැත. අනාගතයේ බලය ගන්නට සැලසුම් කරන විපක්ෂ කණ්ඩායම් වියපත් ජනගහනයක් සහිත, මහන්සියෙන් වැඩ කරන්නට අසමත් වන යුගයක සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම අපහසු බව වටහා ගත යුතුව තිබේ. සම්පත් නිසි ආකාරයට ආයෝජනය කරන අතර තරගකාරීත්වය, කාර්යක්ෂමතාව සහ ඵලදායී ආකාරයට සියලු ව්‍යාපෘති ඉලක්ක කරන්නේ කෙසේදැයි තීන්දු කරන යුගයකට වහාම තල්ලු විය යුතුය.
ධනය බිහිකරන ආයෝජන අවස්ථා
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවන පියවර ඉදිරියේ පවතින ගැටලු කෙරෙහි අවධානය අවශ්‍යය. අවස්ථා ගණනාවක දී පාත්ෆයින්ඩර් පදනමේ ආර්ථික වාර්තා අනාවරණය කර ඇති ආකාරයට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 40 ක පමණ ප්‍රතිශතයක ආයෝජන රටට අවශ්‍යය. ආණ්ඩුවේ ආයෝජනය සියයට 4.5 ක් හෝ එයට අඩු තත්වයක පවතී. අතර පෞද්ගලික අංශයේ ආයෝජනය සියයට 21 කි. පෞද්ගලික අංශයේ ලාබ සඳහා පනවන අධික බදු පදනම් කරගෙන වෙනත් ක්ෂේත්‍රවලට ආයෝජනය සඳහා ප්‍රාග්ධනය නැත. වාණිජ බැංකු පවා රජයට ණය දෙන උපාය මාර්ගයක පසුවේ. එය අවදානමක් රහිත සහ හොඳ පොලී ප්‍රතිලාභ ලැබෙන ක්‍රමයකි. වහාම සියයට දහයක ප්‍රතිශතයකින් ආයෝජන වැඩි කරගත යුතුව තිබේ. අලුත් බදු, මුද්දර ගාස්තු, ප්‍රාග්ධන අපහසුතා සහ රාජ්‍ය සේවයට තවත් බඳවාගැනීම් මෙරට ආයෝජන අංශ පාලනය වී තිබේ.
දේශීය සහ විදේශීය ආයෝජකයන්ට රට තුළ සාධාරණ අවස්ථා වෙනුවෙන් ඉඩ දිය යුතුය. ආර්ථික වර්ධනය වැඩි කළ හැකි පිළිවෙළ කෙරෙහි නැඹුරුවීම අවශ්‍යය. ගම්බද මාර්ග ප්‍රතිසංස්කරණය, බස් නැවතුම්පොළ සංවර්ධනය, වැනි ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිවලට වඩා විශාල ව්‍යවසාය අවශ්‍ය කෙරේ.
මාර්ග අනතුරු බහුලවන පසු කෘත්‍රිම බුද්ධිය යොදවන බව ප්‍රකාශ කරන නමුත් රට තුළ එය සඳහා සන්නිවේදන පහසුකම් නැත. පස්වැනි පරම්පරාවේ දත්ත සන්නිවේදනය අවශ්‍ය කෙරේ. ශ්‍රී ලංකාවේ සන්නිවේදන සමාගම්වලට එම ක්ෂේත්‍රයට ආයෝජනය කළ නොහැක. ශ්‍රී ලංකා ටෙලිකොම් හා ඩයලොග් වැනි ප්‍රධාන සන්නිවේදන ආයතනවල පවා දත්ත සම්ප්‍රේෂණ වේගය අඩුවෙමින් පවතී. විදුලිය බල අංශයේ වෙනස්කම් සිදුවිය යුතුව තිබේ. ඩිජිටල් ආර්ථිකයකට ඇතුළුවන පසු ඒවායේ පද්ධති හා යාවත්කාලීන කිරීම් වෙනුවෙන් දැනට පවතින විදුලිය ප්‍රමාණය දෙගුණයක් දක්වා අවශ්‍ය වේ. විදුලිය වාහන භාවිතාව සමග එය තවත් ඉහළ යනු ඇත. වරාය හා ගුවන් සේවා දියුණු කළ යුතුවේ. අධිවේගී මාර්ග, දුම්රිය සේවා නවීකරණය අවශ්‍යය. මේවා සඳහා ධනය යෙදවෙන මාර්ග පැහැදිලි නැත.
නිදහස් කරන ඉඩම් වෙළෙඳපොළ ප්‍රසාරණයට
සංචාරක හෝ විදේශ රැකියා අංශය ඉක්මනින් විනිමය උපයන ආයෝජන අවස්ථා වන අතර ඒ හා සමාන්තරව ඉඩම් වෙළෙදපොළ ද වැදගත්වේ. ඉඩම් නිදහස් කිරීම ඉක්මන් ධනය නිපදවන ක්‍රමවේදයකි. භාවිත කළ හැකි ඉඩම්වලින් සියයට 80 කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකා ආණ්ඩුවට අයත්ය. සමස්ත ශ්‍රම බළකායෙන් සියයට 30 ක් කෘෂි කර්මාන්තයෙහි නිරතය. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සපයන දායකත්වය සියයට 8 කි. මෙම වසරේ පළමු කාර්තුවේ කෘෂි අංශයේ සියයට 0.7 ක පිරිහීමක් තිබේ. ඉඩම් පරිහරණය නැංවිය යුතු අතර එම ඉඩම අපනයන සංවර්ධනය ඉලක්ක කළ යුතුවේ. භාණ්ඩ හා සේවා අපනයනය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වන ප්‍රතිශතය සියයට 20 කි. මෙම අගය සිංගප්පූරුවේ දී සියයට 170 ක් හා මැලේසියාව, තායිලන්තය හා වියට්නාමය යන රටවල සියයට 70 ට වඩා ඉහළ මට්ටමකය. අපේ ඉඩම් භාවිතාව සහ අපනයනය ඉලක්ක කරගෙන ආයෝජනය ගැන තිබෙන සැලැස්ම කුමක්ද?
2024 වසර අවසන් වන විට යුද, ගුවන් හා නාවික අංශ භාරයේ තිබුණ උතුරු හා නැගෙනහිර ඉඩම් අක්කර 63,000ක් නැවත මුල් අයිතිකරුවන්ට බාර දී ඇත. වත්මන් ආණ්ඩුව තවත් අක්කර 40ක් පසුගිය දා නිදහස් කළේය. මෙම ඉඩම්වල සිදුවන ආර්ථික කටයුතු රටට ඉතා වැදගත්ය. රජයට අයත් ආයතන විශාල ඉඩම් ප්‍රමාණයක් ප්‍රයෝජනයට නොගෙන අයිතිකරගෙන සිටී. නගරවල අධික වටිනාකමකින් යුතු ස්ථානවලට අලුත් ආයෝජන කැඳවිය හැක. යුද කාලයේ දී මෙරට අත්හැර දමා තිබුණ ස්ථානයක ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදි කෙරිණ. අද එහි විශාල වටිනාකමක් තිබේ. නෙළුම් කලුනද එවැනි අංශයකි. අධික වාහන තදබදය හා කාර්යාල පහසුකම් රහිත නාගරික ප්‍රදේශවල භාවිත නොකරන ඉඩම් සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන් කළ හැක. විනිවිද පෙනෙන ක්‍රමවේද ඇති කිරීමට ආණ්ඩුවට හැක.
සංචාරක කලාප සඳහා ඉඩම් අක්කර 3,000 ක් නිදහස් කරන බව පසුගිය දා නිවේදනය කෙරිණ. එය හොඳ පියවරකි. 2008 දී මෙරට දූපත් සංචාරක කටයුතු සඳහා දියුණු කරන සැලැස්මක් තිබුණි. ඒවා වෙනම කලාප වශයෙන් පවත්වාගන්නා අතර මගී බෝට්ටු හා කුඩා ගුවන් යානා මගින් අලුත් ආර්ථිකයක් යෝජනා කළේය. විරෝධතා නිසා ඒවා අත්හැර දමා තිබේ. වාද්දුව ප්‍රදේශයේ ද සංචාරක කලාපයකට ඉඩම් වෙන්කර ඇත. බෙන්තොට ද එවැනි සීමා මායිම් කර තිබේ. ඉඩම් වෙන්කිරීම, ඒවා පැවැරීම පමණක් නොව වහාම ප්‍රයෝජනයට ගත හැකි ආකාරයට බාධා ඉවත් නොකළහොත් කල්පිටිය ආශ්‍රිත දූපත්වල යෝජනා කරන ලද සැලසුම් හා සමානව පැත්තකට විසිවනු ඇත.
වෙළෙඳපොළට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
සංවර්ධනයේ ඊළඟ අදියර සඳහා වඩා නිපුණ ශ්‍රමයක් අව්‍යශය. වයස්ගත ජනගහනය වැඩිවන ආකාරය ප්‍රශ්නයක් හා සමානව තාක්ෂණ පුහුණුව සහිත තරුණ ශ්‍රමිකයන් ගේ හිඟය ද ශ්‍රී ලංකවේ ආර්ථිකයට ප්‍රශ්නයකි. පරිගණක වලින් කාර්ය පහසුකෙරේ. සැලකිය යුතු රැකියා ප්‍රමාණයක් අහිමිවනු ඇත. එහෙත් නිර්මාණශීලී චින්තනයත් නව නිර්මාණ දිරි ගන්වන්නා වූ දිශාවකට යොමු කළ හැකි ක්ෂේත්‍ර සඳහා අඛණ්ඩ ඉල්ලුමක් ඇත. මෙම පැති අරමුණු කරගෙන අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම වැදගත්ය. තොරතුරු තාක්ෂණ අංශවල ව්‍යවසායකයන්ට ඉඩ දෙන අතර ඒවායේ ආයෝජන වෙනුවෙන් ප්‍රාග්ධනය සැපයීම මාර්ග අවශ්‍යය.
දශක හත හමාරකට පසු සංවර්ධනය උදෙසා ප්‍රතිපත්ති තීරණ ගැනීමට හිතකර පසුබිමක් තුළට ශ්‍රී ලංකාව පැමිණ තිබේ. නිදහසින් පසු වැඩි කාලයක් අාවෘත ආර්ථිකයක, ගැටුම් සහ කලබලකාරී පරිසරයක පසුවූ රට පරිවර්තනය කරන්නට හැකි අවස්ථාවක් නිර්මාණය වී ඇත. අලුත් යුගයක් සඳහා ධෛර්ය ඇතිකරගැනීම සම්මුතිවාද පාලනයේ වගකීමකි. ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ආර්ථික වශයෙන් ලොව වඩාත් ම ප්‍රබල කලාපයකය. චීනය සමග පවතින සමීප සම්බන්ධතාව ද ඉන්දියාව ආසන්නයේ පිහිටා තිබීම ද ශ්‍රී ලංකාවට වාසි සහගත සාධක සේ සැලකිම අවශ්‍යය.
පසුගිය දා පෞද්ගලික වෛද්‍යවිද්‍යාල මෙරට දරුවන්ට අහිමි කරන යෝජනා ගෙන එන ලදී. පසුව එය වෙනස් කළේය. ශ්‍රී ලාංකික දරුවන් විශාල සංඛ්‍යාවක් බංගලාදේශයේ සිට බෙලරුසියාව දක්වා රටවල් විශාල ගණනකට නිතිපතා පිටත්ව යමින් සිටී. මෙම පිරිස නතර කරගැනීම පමණක් නොව පිටස්තර රටවලින් අධ්‍යාපනය සඳහා කැඳවීම ද ආර්ථිකයකි.
මෙම කරුණු කිහිපය සලකා බලන පසු මෙරට ආර්ථිකයට එල්ල වි ඇති සියුම් ගැටලු පැහැදිලිවේ. අපනයන වැඩි කර ගැනීමේ අවශ්‍යතාව එයින් ප්‍රධානය. පවතින රාමුව වෙනස් කිරීමෙන් තොරව ආර්ථිකය වර්ධනය ඇති නොකෙරේ. දුෂණ තුරන් කරන අතර යහපාලනය වැදගත්ය. සංවර්ධනය ඉලක්ක කරගත් පරිපාලනය එයටත් වඩා වැදගත්ය. වේගවත් තීරණ හා එම තීරණ නොබියව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර අවශ්‍යය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දුෂණය තුරන් කිරීම පමණක් ප්‍රමාණවත්ද ?