IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


දේශීය ලු‍ණු නිෂ්පාදනය ඉහළ නැංවීමට රයිගම් ලු‍ණු වෙතින් ආයෝජන රුසක්

නැගෙනහිර පළාතේ තිරැක්කෝවිල්හි අලු‍තින් ලු‍ණු ලේවායක් ඉදිකිරීමට සැලසුමක්
ත්‍රිකුණාමලය කුච්චවේලි කර්මාන්තශාලාවට රු. මිලියන 600 ක ආයෝජනයකින් PVD යන්ත්‍රාගාරයක් 


භානුක අමරසිංහ


මෙරට ලු‍ණු නිෂ්පාදනය වෙත පවතින අභියෝග මගහරිමින් ඉදිරියේදී දේශීය ලු‍ණු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ආයෝජන රැසක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි රයිගම් වයඹ සෝල්ටන්ස් පීඑල්සී සමූහය පවසයි. ඊයේ (30) පැවැත්වුණු එම සමාගමෙහි 20 වැනි වාර්ෂික මහා සභා රැස්වීමෙන් අනතුරුව පැවැත්වුණු මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එහි සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා මේ පිළිබඳව අනාවරණ කළේය.
“දේශගුණික විපර්යාසවල බලපෑමෙන් පසුගිය වසර කිහිපයේදී මෙරට ලු‍ණු නිෂ්පාදනය දරුණු ලෙස පහත වැටුණා. එම තත්වය මගහරිමින් ඉදිරියේදී මෙරට ලු‍ණු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා රයිගම් වයඹ සෝල්ටන්ස් සමාගම ආයෝජන රැසක් සිදු කිරීමට සූදානමින් සිටිනවා. එහිදී රටෙහි බස්නාහිර පළාතට පමණක් සීමා වී ඇති ලු‍ණු නිෂ්පාදනය නැගෙනහිර පළාතටත් ව්‍යාප්ත කිරීම සැලසුමයි.” 
ඒ අනුව තිරුක්කෝවිල්හි අලු‍තින් ලු‍ණු ලේවායක් ඉදිකිරීම සම්බන්ධයෙන් මේ වනවිට අදහසක් පවතින බව සමාගමෙහි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ගණක අමරසිංහ මහතා සඳහන් කළේය. ඒ සඳහා අවශ්‍ය ඉඩම් හඳුනාගෙන මූලික ශඛ්‍යතා අධ්‍යයනය ද අවසන්ව තිබෙන බවත් මෙහිදී අනාවරණ විය. 
“කිසිදු වගාවක් හෝ වෙනත් ඉදිකිරීමක් සිදුකළ නොහැකි මේ ඉඩම සඳහා ඉක්මනින්ම රජයේ අනුමැතිය ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. මේ ලු‍ණු ලේවාය ඉදිකිරීමෙන් බස්නාහිර පළාතේ අයහපත් කාලගුණික තත්වය පවතින කාලවලදී නැගෙනහිර පළාතේ ද ලු‍ණු නිෂ්පාදනයක් සිදු කරමින්, නිෂ්පාදනයේ අඛණ්ඩතාව පවත්වාගෙන යාමට පුළුවන්. මේ සඳහා අපේක්ෂිත අවම ආයෝජනය රුපියල් මිලියන 500ක් පමණ වේවි.” අමරසිංහ මහතා සඳහන් කළේය.
අද වනවිට රයිගම් වයඹ සෝල්ටන්ස් නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රදේශයේද අක්කර 1800 ක පමණ ලු‍ණු ලේවායක් සංවර්ධනය කර ඇති අතර, එය හොඳින් ක්‍රියාත්මක කෙරෙන බවත් මෙහිදී පැවසුණි.
“සමාගම යටතේ ඇති ලු‍ණු ලේවායන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මිනිස් ශ්‍රමයෙන් තොර නවීන තාක්ෂණය සහිත යාන්ත්‍රික ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු වෙනවා. රයිගම් ඊස්ටන් සමාගම තුළ මෙම ක්‍රමය සාර්ථක ලෙස අත්හදා බලමින් සිටිනවා. ඉදිරියේදී එය අනෙකුත් ප්‍රදේශවලටත් හඳුන්වා දෙනවා.” ඒ මහතා සඳහන් කළේය.

 



අදහස් (0)

දේශීය ලු‍ණු නිෂ්පාදනය ඉහළ නැංවීමට රයිගම් ලු‍ණු වෙතින් ආයෝජන රුසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1377 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1276 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 464 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site