භානුක අමරසිංහ
අඩු මිලට පාපැදි ආනයනය හේතුවක්
අමුද්‍රව්‍යවලට ඉහළ බදුත් බලපාලා
දකුණු ආසියාවේ ප්‍රමුඛතම පාපැදි නිෂ්පාදන සමාගමක් වන ලුමාලා සිටි සයිකල් ඉන්ඩස්ට්‍රීස් මැනුෆැක්චරින් පෞද්ගලික සමාගම (Lumala City Cycle Industries Manufacturing Pvt Ltd) වැසී යාමේ අවදානමක් මතුව ඇති බවට එහි සේවකයෝ කනස්සල්ල පළකරති.
පානදුර පිහිටි ලුමාලා පාපැදි නිෂ්පාදන සමාගම දශක පහකටත් වැඩි කාලයක් පුරා මෙරට ප්‍රමුඛ සමාගමක් ලෙස නමක් දිනා සිටින සමාගමකි. ඉහළ යන නිෂ්පාදන පිරිවැය සහ අසාධාරණ වෙළෙඳපොළ තත්වය හේතුවෙන් මෙලෙස එම සමාගම වැසී යාමේ අවදානමකට මුහුණ පා ඇතැයි සේවකයෝ පවසති.
″මේ වනවිට සමාගමේ වැඩකටයුතු කොටස් වශයෙන් නවතා දැමීමට සමාගමේ කළමනාකාරීත්වය පියවර ගනිමින් සිටිනවා. ඒ අනුව, ශ්‍රී ලංකාවේ පිහිටි ක්‍රොමියම් ප්ලේට් නිෂ්පාදනාගාර කිහිපය අතුරින් එකක් වන ලුමාලාහි ක්‍රොමියම් ප්ලේට් නිෂ්පාදනය නැවැත්වීමටත් වානේ රිම් නිෂ්පාදන ඒකකය වසා දැමීමටත් සමාගම කටයුතු කර තිබෙනවා.“ යනුවෙන් ඔවුහු සඳහන් කරති.
මේ තත්වයත් සමගින්ම ඉදිරියේදී, ෆෝර්ක් සහ මඩ්ගාඩ් නිෂ්පාදනය, ඇලොයි රිම් නිෂ්පාදනය, ෆ්‍රේම් නිෂ්පාදනය සහ පින්තාරු නිෂ්පාදන ඒකකය ඇතුළු අංශ ගණනාවක් වසා දැමීමට සිදුවනු ඇතැයිද ඔවුහු පවසා සිටිති.
“ඊට මුහුණ දීමට ඉතාම කඩිනම් පියවර ගත යුතුයි. දශක දෙකකටත් වැඩි කාලයක් පුරා ලුමාලා සමාගම වෙනුවෙන් සේවය කළ සේවකයන් දැන් තමන්ගේ රැකියාව අහිමිවීමේ අවදානමකට මුහුණපා සිටිනවා″, යනුවෙන් ලුමාලා කර්මාන්තශාලාවේ සාමාන්‍යාධිකාරී රන්ජිත් සිරිවර්ධන මහතා සඳහන් කරයි.
මෙහිදී අර්බුදය සඳහා බලපෑ ප්‍රධාන අභියෝග කිහිපයක් පවතින බව ලුමාලා සේවකයෝ සඳහන් කරති. නිසි නියාමනයකින් තොරව සිදුකෙරෙන පාපැදි සහ විද්‍යුත් පාපැදි ආනයනයට ඊට එක් හේතුවක් වී තිබේ.
“ඒ වගේම ඇතැම් වෙළෙඳ ආයතන, පාපැදි අමතර කොටස්, පාපැදි නිෂ්පාදන අමුද්‍රව්‍ය ලෙස පෙන්වමින් රේගු බදු සහ වැට් බදු වංචා සිදුකරමින් විශාල ලෙස ලාභ ඉපැයීමට කටයුතු කරනවා. ඊට අමතරව ඉතාම අවම මිල ගණන් යටතේ එම පාපැදි වෙළෙඳපොළට නිකුත් කිරීමටත් පියවර ගෙන තිබෙනවා.’ යනුවෙන්ද ඔවුහු පවසති.
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දේශීය පාපැදි කර්මාන්තය රැකගන්න ලුමාලා සේවකයෝ රජයෙන් ඉල්ලති