( නාලක සංජීව දහනායක)
රජය විසින් ඇඟළුම් කර්මාන්තය ඇතුළු දේශීය කර්මාන්ත සඳහා 15 % වැට් බද්දක් පැනවීම තුළින් දේශීය කර්මාන්ත බිඳ වැටීමේ අවධානමක් මතුව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(2) පැවසීය.
තමන්ට හිතෙන හිතෙන ආකාරයට බදු ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට යෑමෙන් රජයේ බදු ප‍්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම විකාරරූපී වී ඇතැයිද මන්ත‍්‍රීවරයා කීය.
ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචිබොරැල්ල, වජිරාස‍්‍රම විහාරයේදී අද (2) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඌරාගේ මාළු ඌරාගේ අන්ගේ තියලා කපනවා කියලා කතාවක් තිබෙනවානේ. ඒ වගේ වැට් ගහලා බදු වැඩි කොරලා තමන්ගේ සහ රජ සේවකයින්ගේ පමණක් පඩි වැඩි කරලා ඒ ඡන්දවලින් බලයට එන්නනේ ඔය හදන්නේ.
මෙයා ඔය කියන්නේ ආනයනය කරන රෙදි පිළි හා නිමි ඇඳුම් වලට බදු පැණවීම ගැන. එහෙම නැතුව දේශීය රෙදිපිළි කර්මාන්තකරුවා ගැන නෙවෙයි.
හලෝ කියන්න දේශීය රෙදිපිළි කර්මාන්ත කොහෙද තිබෙන්නේ කියලා. කොතනද ලංකාවේ කලිසම් රෙදි වියන්නේ. කලින් මෙරටේ තිබුණ ඒ හැම ව්‍යාපාරයක්ම යු එන් පී ආණ්ඩුවලින් පිටරටින් රෙදි ගෙන්වීම නිසා නැවතුණා. රෙදි ගෙන්වලා මහලා නැවත පිටරට යවනවා. එක රෙදිපිළි කර්මාන්තය නොවෙයි. ලංකාවේ සාරි, කලිසම්රේදී, ෂර්ට් රෙදි කොහෙද හදන්නේ. විකාර කියන්න එපා හලෝ. අපිත් හොඳ කලිසම් රෙද්දක්, සපත්තු දෙකක් ගන්නේ පිටරට ගියාම.