(තිළිණි ද සිල්වා )
ද්විත්ව බදුකරණය හා බදු මඟහැරීම වැළැක්වීමට අදාළව ඕමානය සහ ලංකාව අතර අලුත් ගිවිසුමකට අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
දෙරට අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් පොලී, රාජ්‍ය භාග හා ලාභාංශ සහ නැව් සේවා මත ලාභ යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ශ්‍රී ලංකාව සහ ඕමානය අතර මෙම ද්විත්ව බදුකරණය හා බදු මඟහැරීම වැළැක්වීමට අදාළව ගිවිසුමකට එළැඹි බව එම අමාත්‍යාංශය කියා සිටී.
ඉකුත් 15 වැනිදා කොළඹ දී ජ්‍යෙෂ්ඨ නිලධාරී මට්ටමෙන් පැවැති ශ්‍රී ලංකා-ඕමාන ද්විපාර්ශ්වික උපදේශනවල දෙවැනි රැස්වීම අතරතුරදී ශ්‍රී ලංකා රජය සහ ඕමාන සුල්තාන් රජය මෙම නව ගිවිසුමකට අත්සන් තබන ලදී.
දෙරට අතර ඇති දේශපාලන හා ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ඉදිරියට ගෙනයෑමට තමන් තුළ ඇති කැපවීම මෙම රැස්වීමේ සාකච්ඡා කෙරුණු අතර 2014 වසරේදී මස්කට් නුවර පැවැති ශ්‍රී ලංකා-ඕමාන ද්විපාර්ශ්වික උපදේශනවල පළමු රැස්වීමේදී එළැඹි තීරණ සම්බන්ධයෙන් ගනු ලැබූ පසුවිපරම් ක්‍රියාමාර්ග සහ ද්විපාර්ශවික සහයෝගීතාව ඇති කරගැනීම සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරී ඇත.
නව ගිවිසුමට අමතරව මැදපෙරදිග කලාපයට ප්‍රවේශ දොරටුවක් ලෙස ඕමානය ද, ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ද අතර ව්‍යාපාරික, වෙළෙඳ හා නාවික සබඳතා පිහිටුවීම උදෙසා කටයුතු කරන්නට දෙපාර්ශවය එකඟ වූ බව ද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
වෙළෙඳාම, සංචාරක කටයුතු, ආගමන හා විගමන, කම්කරු සහ මිනිස්බල පුහුණුව, ආරක්ෂාව , කෘෂිකර්මය, උසස් අධ්‍යාපනය සහ සංස්කෘතිය යන ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්විය හැකි පුළුල් පරාසයකට අයත් කරුණු සම්බන්ධයෙන්, ඉහළ පෙළේ සංචාර මඟින් ද්විපාර්ශ්වික දේශපාලන සබඳතා තහවුරු කිරීම පිළිබඳව ද රැස්වීමේදී සාකච්ඡා කෙරිණි.
ඕමාන නියෝජිත පිරිස ලංකාවේ රැඳී සිටි කාලය තුළ කතානායක කරු ජයසූරිය සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් ද හමු වූහ.
2025 දෙසැම්බර් මස 04
477
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
467
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ද්විත්ව බදුකරණය වැළැක්වීමට ඕමානය සමඟ ගිවිසුමක්