IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


දර්ශන ජයරත්න ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට

ලංකා බැංකුවේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස දර්ශන ඉන්ද්‍රජිත් ජයරත්න මහතා පත් කරගත් බව එම බැංකුව පවසයි. ඒ අනුව සැප්තැම්බර් 26 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා බැංකුවේහි ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ. 

මෙහිදී පංච පුද්ගල විශේෂ තේරීම් කමිටුවක් මගින් ලබාදුන් නිර්දේශයකට අනුව මුදල්, සැලසුම්කරණ සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙම නව පත් කිරීම සිදු කර තිබේ. එසේම මහ බැංකුවද මෙම පත් කිරීම අනුමත කර තිබේ. 

ජයරත්න මහතා සතුව මෙරට මෙන්ම ප්‍රධානතම විදෙස් බැංකු කිහිපයක් තුළම වසර 31කට අධික බැංකුකරණ අත්දැකීම් පවතින බව සඳහන් වෙයි. ඒ අතර වසර 27ක්ම මූල්‍ය වෙළෙඳපොළ පවතින විශේෂඥතාවක් ද ඒ මහතා සතුය. 1993 වසරේදී ABN AMRO බැංකුවෙන් සිය වෘත්තීය දිවිය ආරම්භ කළ ජයරත්න මහතා, 2002 දී සිටි බැංකුවේ සේවය කළේය. 2004 වසරේදී ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව සමගින් සම්බන්ධ වූ ඒ මහතා, පසුගිය කාලසීමාවේදී එහි ප්‍රධාන තනතුරු රැසක් දරා තිබේ. එසේම ඒ මහතා ඇතැම් අවස්ථාවලදී බැංකුවෙහි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින්ද කටයුතු කර තිබේ.



අදහස් (0)

දර්ශන ජයරත්න ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32964 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15596 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10042 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 122 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 194 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 498 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site