IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානයේ නව විධායක අධ්‍යක්ෂ ආචාර්ය සිරිමල් අබේරත්න

දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස ආචාර්ය සිරිමල් අබේරත්න මහතා පත් කර ඇත. අබේරත්න මහතා ලබන පෙබරවාරි පළමු වැනිදා සිට සිය රාජකාරි ආරම්භ කරනු ඇති බව දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානය (CEPA) නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
කීර්තිමත් ආර්ථික විද්‍යාඥයකු සහ චින්තන නායකයකු වන අබේරත්න මහතා, දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානය සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වී සිටි අයෙකි. ඒ, ශාස්ත්‍රීය වශයෙන්, ප්‍රතිපත්ති සම්පාදනයෙන් සහ පර් යේෂණ පිළිබඳ විශේෂඥ දැනුම බෙදා දෙමිනි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ විශිෂ්ට මහාචාර්යවරයකු ද වන ආචාර්ය අබේරත්නට කොළඹ විශ්වවිද්‍යාලයේ  BA ගෞරව උපාධියක් ද හිමිය. හේග් නුවර කේන්ද්‍රකොටගත් සෝෂල් ස්ටඩීස් උසස් අධ්‍යාපන ආයතනයෙන් උපාධියක් ද, ඇම්ස්ටර්ඩෑම් නිදහස් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ද ඔහු සතුය. ජාත්‍යන්තර වෙළඳාම, ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සහ ග්‍රාමීය සංවර්ධනය යන ක්ෂේත්‍ර සඳහා ඔහුගේ දායකත්වය පුළුල් පර් යේෂණ, ප්‍රකාශන සහ මාධ්‍ය විවරණ තුළින් මනාව ලේඛනගත තිබීම ද විශේෂත්වයකි.
අබේරත්න මහතා 2022 වසරේ සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ පාර්ශ්වකරුවන්ගේ සම්බන්ධීකරණ කමිටුවේ  (SEC) සභාපති ලෙස ද 2017-2021 සිට මුදල් ප්‍රතිපත්ති උපදේශක කමිටුවේ (MPCC) සභාපති ලෙස ද කටයුතු කර ඇත. 
එමෙන්ම ඔහු UNDP ජෛව විවිධත්ව මූල්‍යකරණය සම්බන්ධයෙන් උපදේශකයකු ලෙස කටයුතු කර ඇති අතර, ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලය සහ ජපානයේ Ryukoku විශ්වවිද්‍යාලය ඇතුළු ගෝලීය වශයෙන් පිළිගත් ආයතනවල රැසක් සමඟ එක් වී කටයුතු කර ඇත.



අදහස් (0)

දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානයේ නව විධායක අධ්‍යක්ෂ ආචාර්ය සිරිමල් අබේරත්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 276 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 780 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site