IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දිනයේ ගනුදෙනු තීරණය කරන අය-වැය

2025 වසර සඳහා වූ අය වැය යෝජනා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ජාතික ජනබලවේගය ආණ්ඩුවේ මුල්‍ය ප්‍රතිපත්ති ඉදිරි කාලය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ කෙරෙහි තීරණාත්මක සාධකයක් විය හැකිය. වසර දෙකකට පමණ පසු පසුගිය වසරේ අවසන් කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 5.5 ක් විය. වාණිජ බැංකු පොලී අනුපාත හා උද්ධමනය හිතකර ආකාරයකට පාලනය කරගන්නට සමත්ව තිබේ. විදේශ වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 6.1 දක්වා ශක්තිමත් ස්ථානයක පසුවේ. 
ආණ්ඩුව මෙතෙක් අනුගමනය කරන ලද ප්‍රතිපත්ති ආර්ථික ස්ථාවරභාවයට හේතු වී තිබේ. මෙතැන් සිට ඉදිරියට වර්ධනයක් කරා ගමන් කරන ආකාරය දෙස දෙස් විදෙස් ආයෝජන අංශ බලා සිටිනු ඇත.
ආර්ථික අර්බුදයක පසු වූ කාලසීමාවේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මාස හතළිස් අටක් දක්වා විහිදෙන විස්තීරණ ණය වැඩ සටහනක් අනුමත කළ අතර එකී කාලයෙන් හරි අඩක් අවසන්ව තිබේ. ආදායම ඉහළ නංවන යෝජනා, ක්ෂුද්‍ර මුල්‍ය ප්‍රතිපත්ති, ණය ආපසු ගෙවන ක්‍රමවේදය, බදු සංශෝධන, ආයෝජන ලබාගැනීම සහ රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධ තීරණ වශයෙන් අලුත් අදහස් සැලකිය යුතු ප්‍රමාණයක් ආණ්ඩුව ඉදිරියේ ඇත. 
රජය ඉදිරිකාලය තුළ ආර්ථික වර්ධනයක් අරමුණු කරගෙන අනුගමනය කරන ආර්ථිකයේ මුලික රාමුව අද ඉදිරිපත් කරන අය වැය මගින් ප්‍රකාශයට පත්වනු ඇති අතර, කොටස් වෙළළෙද පොළ ගනුදෙනු ආරම්භ කරන අතරවාරයේ අය වැය ද ඉදිරිපත් කරන හෙයින් එහි සෘජු බලපෑම මෙදින ක්‍රියාකාරීත්වයට වහාම බලපෑමක් විය හැකිය.
ඉකුත් සිකුරාදා (පෙබ. 14) අය වැය පූර්ව මිල දී ගැනීම් වාර්තාකරන ලද අතර එදින ගනුදෙනු පිබිදීමක් සනිටුහන් කළේය. සියලු කොටස් මිල 16,936.69 ක් වූ අතර, එය දර්ශක 358.47 ක වර්ධනයකි. එස් ඇන් ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,035.21 ක් වශයෙන් අවසන් වූ අතර, එය දර්ශක 90.61 ක වර්ධනයක් සේ දැක්විය හැකිය. 
නිරීක්ෂක



අදහස් (0)

දිනයේ ගනුදෙනු තීරණය කරන අය-වැය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site