IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දැන්නම් බිස්නස් ගොඩක් අඩුයි

හාල්, කුළුබඩු, අල, ලූනු, පරිප්පු, කරවල මේ ආදී මෙකී නොකී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රට පුරා බෙදා හැරීම පිණිස මෙරට නම් දරාපු ස්ථානයක් ලෙස ප්‍රකටව පවතින්නේ පිටකොටුව 04 වැනි සහ 5 වැනි හරස් වීදිය. තොග මිලදී ගැනීම සඳහා පැමිණෙන ව්‍යාපාරිකයන් මෙන්ම තම තමන්ගේ එදිනෙදා අවශ්‍යතා පිණිස ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැමිණෙන සාමාන්‍ය පාරිභෝගික ජනතාවට ද 04 සහ 05 වැනි හරස් වීදීන් එක සේ විවෘතය.
 කඩිසරව ඔබ මොබ යන කරත්තකරුවන්, පිට පළාත්වලින් පැමිණෙන ලොරි රථ එහි නිතර දකින්නට ලැබීම හේතුවෙන් මෙම හරස් වීදි හරහා නිදහසේ ගමන් කිරීම පවා ඇතැම්විට අසීරු කටයුත්තක් බවට පත්ව ඇත. මේ දිනවල පිටකොටුව වෙළෙද නගරයේ වෙළෙදාමේ ස්වරූපය දැන ගැනීමට අප ගියේ 5 වැනි හරස් වීදිය වෙත. එහිදී පෙරේරා ඇන්ඞ් සවික් වෙළෙද ව්‍යාපාරයේ හිමිකරු රෙන්සි පෙරේරා මහතා මේ දිනවල බිස්නස් පිළිබදව දැක්වූයේ මෙවැනි අදහසකි.

මේ දිනවල බිස්නස් කොහොමද?
අපි කරන්නේ කරවල හාල්මැස්සෝ තොග වෙළෙදාම. දේශීය විදේශීය කරවල හැම වර්ගයක්ම වගේ අපි ළග තියනවා. අපි බඩු ආනයනය කරන්නේ නෑ. ලංකාවේ වාඩි වලින් තමයි කරවල හාල්මැස්සෝ ගන්නේ. මීගමුව, හලාවතින් තමයි වැඩිපුරම බඩු ගෙන්නන්නේ. ඊට අමතරව රටින් බඩු ආනයනය කරන අයගෙන් බඩු මිලදී ගන්නවා. සේවකයෝ හතරදෙනෙක් ඉන්නවා. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් ගොඩක් අඩුයි. 


බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
සමහරු කියනවා බඩු මිල නිසා බිස්නස් අඩුයි කියලා. ඒවුණාට අනිත් බඩු ගැන නම් කියන්න දන්නේ නෑ. කරවල මිල නම් අඩුයි. හාල්මස්සෝ එහෙම ගොඩක් මිල අඩු වෙලා තියෙන්නේ. ලංකා කරවලත් මිල අඩුයි. සමස්තයක් විදියට කරවල මිල මේ දවස්වල අඩුයි. මිනිස්සු අතේ සල්ලි නැති නිසා තමයි අපිට වෙළෙදාම අඩු වෙලා තියෙන්නේ. 

මිනිස්සුන්ගේ ආදායම්වලට වඩා දැන් වියදම් වැඩියි. ලයිට් බිල්, වතුර බිල්, ගෙවල් කුලී ගෙව්වාම මිනිස්සුන්ගේ අතේ සල්ලි ඉතුරු වෙන්නේ නෑ. වියදම් වැඩි නිසා මිනිස්සු ළග සල්ලි නෑ. ඒ නිසා අපිට බිස්නස් නෑ. ඕක තමයි සරලම හේතුව බිස්නස් අඩු වෙන්න. මිනිස්සු ගණන් අහලා යනවා විතරයි ගන්නේ නෑ. ගණන් බලලා බලලා අඩුම තැනින් තමයි ගන්නේ. ඉස්සර රුපියල් 1000 කින් ගත්ත බඩු ටිකෙන් භාගයයි අද රුපියල් 1000 ට ගන්න පුළුවන්. ඇත්තටම රුපියල් 1000 කින් ගෙදරකට ඕන කරන බඩුටික ගන්නත් අමාරුයි. ඒවා තමයි බිස්නස් අඩු වෙන්න බලපාන්නේ.



අදහස් (0)

දැන්නම් බිස්නස් ගොඩක් අඩුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site