ශ්රී ලංකාවේ කෘෂි නිෂ්පාදනවල අපනයන තරගකාරීත්වය ඉහළ නැංවීම සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 6ක මුදලක් ප්‍රදානයක් ලබා දීමට දකුණු කොරියාව තීරණය කර ඇත.
දකුණු කොරියානු රජය වෙනුවෙන් ‘කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (කොයිකා)’ මෙරට දකුණු කොරියානු තානාපති කාර්යාලය ඔස්සේ එම ප්‍රදානය ලබා දේ.
‘කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (කොයිකා)’ ශ්‍රී ලංකා කාර්යාලයේ අධ්‍යක්ෂ ලී දොන් කූ, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශූ සම්පත් සංවර්ධන, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.රුවන්චන්ද්‍ර සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රියන්ත රත්නායක යන මහත්වරු ඒ සඳහා අදාළ ගිවිසුම්වලට අත්සන් තැබූහ.
දකුණු කොරියාවෙන් ලැබෙන මෙම ප්‍රදානය ඔස්සේ මෙරට කෘෂි නිෂ්පාදනවල අපනයන තරගකාරීත්වය ඉහළ නැංවීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අතර ශාක නිරෝධායන සේවය නවීකරණය කිරීම එහ ප්‍රධාන අරමුණ වී තිබේ.
ගුණාත්මකභාවයෙන් ඉහළ අපනයන ගුණාත්මකභාවයෙන් ඉහළ විශේෂයෙන්ම එළවළු සහ පලතුරු අපනයන වෙළෙඳපොළට යැවීම මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කෙරේ.
055

COMMENTS
හිගමන් යදින්න තවත් රටවල් ලෝකයේ තියේද? කව්රුත් මුදල් ආයෝජනය කරන්නේ නැහැ ලාභයක් නැතුව. මේ අපි වුනත් එහෙම තමයි. මොකද එය හරි හම්බ කරන්න සැහෙන්න වෙහෙසෙන්න වෙන නිසා.
හුරේ. අපිට සල්ලි ලැබුණා. හා හා කලබල වෙන්න එපා 225 ටම අලුතෙන් වාහන ගමු......
ඒ කතාව ටිකක් තේරුණා මදි. ප්‍රදානයක් කිව්වේ ආපහු දෙන්න ඕන නැහැ කියන එකද? නැතිනම් පස්සේ ගෙවන්න වෙන ප්‍රදානයක්ද?
70 වසරක ශ්‍රී විභූතිය ලංකාවට උදාකර දුන් ජඩ දේශපාලනය. පැල්පත් ප්‍රදේශ කොරියාව ලෙස සමච්චලයට ලක්කල අපි කොරියාව විසින් අද දින අපිව සමච්චලයට ලක්කර ඇත.