IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


දකුණු ආසියානු කෘෂි සංසදයේ තෙවැනි සැසිය ලබන 15-16 කොළඹදී

දකුණු ආසියානු කෘෂි සංසදයේ (South Asia Agri Forum)  තෙවැනි සැසිය ජනවාරි 15-16 කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වේ. දකුණු ආසියානු හා අනෙකුත් කලාප නියෝජනය කරන නායකයන්, විශේෂඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු පාර්ශ්ව රැසක් සහභාගී වන මෙහිදී කෘෂි-ආහාර ක්ෂේත්‍රයට අදාළ ප්‍රධාන ගැටලු‍ සාකච්ඡා කෙරේ. Bharat Subcontinent Agri Foundation  ශ්‍රී ලංකා රජය සමග සංවිධානය කරන මෙම සැසියේදී කලාපීය සහයෝගීතාව වර්ධනය කිරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, කෘෂි වෙළෙඳාම ඉහළ නැංවීම වැනි කරුණු පිළිබඳව අවධානය යොමු කෙරේ. 

“Global South for Global South (GS2)”  යන තේමාව මුල් කර ගෙන පැවැත්වෙන මෙම සැසියේදී ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය සහ ධාන්‍ය, සහල්, සීනි, මාංශ බෝග, කුළුබඩු, උද්‍යාන අලංකරණ, ධීවර හා වැවිලි වැනි ක්ෂේත්‍රවලට අදාළ අන්තර් කලාපීය වෙළෙඳ කටයුතු පුළුල් කිරීම සඳහා වන අවස්ථාද සාකච්ඡා කෙරේ. 

කර්මාන්ත විශේෂඥයෝ, ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරීහු, ව්‍යාපාරිකයෝ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් රාජධානිය වැනි රටවල් රැසක නියෝජිතයෝ ඊට සහභාගී වෙති. එහි න්‍යාය පත්‍රයට ඉහළ පෙළේ සාකච්ඡා, රජයන් අතර උපායමාර්ගික ගිවිසුම් සහ ආරම්භක මට්ටමේ පවතින කලාපීය කෘෂි-ආහාර තාක්ෂණ ව්‍යාපෘති දිරිමත් කිරීම සඳහා වන සමුළුවක්ද ඇතුළත් වේ. මෙම සැසියෙන් ගෝලීය කෘෂි-ආහාර ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවට හිමි ස්ථානයේ වැදගත්කම පිළිබිඹු වන අතර, නව ව්‍යාපාර අවස්ථා ඇති කිරීම, ආයෝජන අවස්ථා උදා කර ගැනීම සහ තිරසාර කෘෂි-වෙළෙඳ ප්‍රතිපත්ති ඇති කර ගැනීම සඳහා වන ශ්‍රී ලංකාවේ දැක්ම සාක්ෂාත් කර ගැනීමටද එය ඉවහල් වේ. 2023දී මෙම සැසිය නේපාලයේ කත්මණ්ඩු නුවරදී සහ 2024දී තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්විණි. රටවල් 20කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරමින් 1,000කට අධික ව්‍යාපාර නායකයෝ ඊට සහභාගී වූහ. 

 



අදහස් (0)

දකුණු ආසියානු කෘෂි සංසදයේ තෙවැනි සැසිය ලබන 15-16 කොළඹදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 289 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 93 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 783 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site