
ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම තරුණ ලාංකික ව්‍යවසායකත්ව මණ්ඩලය (COYLE) සංවිධානය කළ “I am the Sri Lankan Entrepreneur Awards” සම්මාන උළෙලේදී මහා පරිමාණ අංශයේ රන් සම්මානය දිනා ගත්තේය. සම්පත් බැංකුවේ අනුග්‍රහයෙන් ෂැංග්‍රිලා හෝටලයේදී පැවැති සම්මාන උළෙලේදී කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත සම්මානය පිරිනමන ලදී.
ත්‍රී සිංහ සමාගම කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ අතර වර්තමානයේදී එය මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයේ විශ්වසනීය සන්නාමයක් බවට පත් වී තිබේ. දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද විශාල කීර්තියක් දිනා ඇති එම සමාගම ගුණාත්මකභාවය, නව්‍යකරණය සහ විශ්වාසනීයභාවය පිළිබඳව ප්‍රමුඛ අවධානයක් යොමු කරයි. නිෂ්පාදන සහ සේවා සැපයීමේදී ඉහළ ප්‍රමිති අනුගමනය කරන එම සමාගම දේශීය මෙන්ම විදේශීය තත්ත්ව සහතික සහ සම්මාන රැසක් දිනා තිබේ.
එම සමාගම වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන ආකාරයෙන් ඉදි කිරීම් ක්ෂේත්‍රයට අදාළ නිෂ්පාදන සහ සේවා රැසක් සපයයි. රෝලර් ඩෝ, ෂටර්, ගිනි ගැනීම්වලට ඔරොත්තු දෙන දොරවල් ඒ අතර ප්‍රධාන වේ. ඇලුමිනියම් සැකැසුම්, සංවේදක දොරවල් සහ ස්වයංක්‍රීය බාධක ඔවුන්ගේ අනෙකුත් නිෂ්පාදන අතර වේ. තිරසාර බල ශක්තිය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කර ඇති එම සමාගම ඔන්-ග්‍රිඞ්, ඕෆ්-ග්‍රිඩ්, හයිබ්‍රිඩ් යන වර්ග තුනට අයත් සූර්ය බල ශක්ති පද්ධති ස්ථාපනය කිරීමේ සේවාද සපයයි. ත්‍රී සිංහ සමාගමට අනුබද්ධ IKLO Industries සමාගම වානේ ඉදි කිරීම් සහ ඒ ආශ්‍රිත සේවා සපයයි.
2025 නොවැම්බර් මස 04
196
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් COYLE ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී රන් සම්මාන දිනයි