භානුක අමරසිංහ
වැඩිදියුණු කළ ජෛව විවිධත්වය සහ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණයෙන් තිරසාර ආර්ථික ප්‍රතිසාධනය පෝෂණය කිරීමට සහාය වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 8ක ප්‍රධාන ගිවිසුමක් අත්සන් තැබූ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය සහ යුරෝපා සංගමය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය සකස් කර තිබේ.
මෙම ව්‍යාපෘතිය මගින් හායනය වූ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීම, ඉලක්කගත සංරක්ෂණ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සහ තිරසාර ඉඩම් පරිරණ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීමෙන් ජෛව විවිධත්ව සංරක්ෂණයට මෙම ව්‍යාපෘතිය සහාය වනු ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේම මෙම ව්‍යාපෘතිය ඝන අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති සඳහා වැඩිවෙමින් පවතින අවශ්‍යතාව සපුරාලමින් පාරිසරික ආරක්ෂාවටත්, මහජන සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමටත් දායක වනු ඇතැයිද එම දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ යුරෝපා සංගමය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපතිනී, කාර්මෙන් මොරෙනෝ අතර මෙම ප්‍රදාන ගිවිසුම නිල වශයෙන් අත්සන් තැබීම සිදුව තිබේ.
2025 දෙසැම්බර් මස 04
806
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තිරසාර ආර්ථිකයකට යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 8ක ප්‍රදානයක්