IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


තිරුචිරප්පල්ලි - යාපනය අතර ඉන්ඩිගෝ සෘජු ගුවන් ගමන් අරඹයි

විමුක්ති එස් රුද්‍රිගු

කලාපීය ගුවන් සම්බන්ධතාවේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඉන්දියාවේ තිරුචිරප්පල්ලි සහ ශ්‍රී ලංකාවේ යාපනය සම්බන්ධ කරමින් ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සේවය සෘජු ගුවන් ගමන් නිල වශයෙන් ආරම්භ කර ඇත.

මෙම නව ගුවන් ගමන් මාර්ගය දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හා ආර්ථික සබඳතා ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සංචාරක, වෙළෙඳ අවස්ථා වැඩි දියුණු කිරීමට උපකාරී වේ. මේ වනවිට ඉන්දියාවේ බැංගලෝර්, චෙන්නායි, හයිද්‍රාබාද්, මුම්බායි සහ තිරුචිරප්පල්ලි යන නගර 5 ක සිට සතිපතා ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.

දිගින් දිගට ඉහළ යන ඉල්ලු‍ම සපුරාලීමටත්, දකුණු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ උතුරු පළාත දක්වා වැඩි විකල්ප ලබාදීම සඳහාත් ඉන්දියාවේ තිරුචිරප්පල්ලි සහ ශ්‍රී ලංකාවේ යාපනය සම්බන්ධ කරමින් ඉන්ඩිගෝ ගුවන් සේවය සෘජු ගුවන් ගමන් හඳුන්වාදී ඇත. ආසන 78 කින් යුත් ඒ.ටී.ආර් 72 වර්ගයේ ගුවන් යානයක් ඉන්ඩිගෝ ගුවන් සේවය මෙම නව මාර්ගයට යොදවා තිබේ.

සමාරම්භක ගුවන් ගමනේදී ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානය මගීන් 27 දෙනකු රැගෙන යාපනයට පැමිණ ඇති අතර මගීන් 36 දෙනකු රැගෙන නැවතත් පියාසර කර ඇත. 

 



අදහස් (0)

තිරුචිරප්පල්ලි - යාපනය අතර ඉන්ඩිගෝ සෘජු ගුවන් ගමන් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 145 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 43 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 741 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site