IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


තුන්වන ඇමෙරිකානු පියස මාතරදී විවෘත කරයි

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාවේ තෙවැනි ‘ඇමෙරිකානු පියස’ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර හක්මනදී අද (26) විවෘත කරන ලදි. 

විවිධ වැඩසටහන් සහ වැඩමුළු තුළින් ශ්‍රී ලාංකිකයන් සහ එක්සත් ජනපද ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීම ‘ඇමෙරිකානු පියස’ මඟින් සිදු කෙරේ.

රුපියල් මිලියන 18ක වියදමින් ඉදි කරන ලද මාතර ‘ඇමෙරිකානු පියස’ වයි ෆයි තාක්ෂණය, අන්තර්ජාල පහසුකම් ඇතුළු නවීන තාක්ෂණික පහසුකම් රැසකින් සහ පුස්තකාලයකින් ද සමන්විතය.

මෙම නව ‘ඇමෙරිකානු පියස’ මගින් අධ්‍යාපනික වැඩසටහන්, ඉංග්‍රීසි භාෂා වැඩසටහන්, සංස්කෘතික ප්‍රසංග, විද්වත් සාකච්ඡා, ව්‍යවසායකත්වය වැඩිදියුණු කිරීම පුහුණු සැසි, නව්‍යකරණ සහ මේකස්පේස් වැඩසටහන්, සිවිල් සමාජයීය වැඩසටහන්, එක්සත් ජනපදය පිළිබඳව සවිස්තරාමක වැඩසටහන්, චිත්‍රපට ප්‍රදර්ශන, කියවීමේ සමාජ ඇතුළු සේවා රැසක් කිසිදු මුදල් අය කිරීමකින් තොරව සැපයීමට නියමිතය. 

තරුණ ප්‍රජාවේ හැකියාවන් දියුණු කිරීම සහ රැකියා වෙළෙඳපොළ සඳහා තරුණ තරුණියන් සවිබල ගැන්වීම ඇමෙරිකානු පියසේ ප්‍රධාන අපේක්ෂාව වී තිබේ. 

ඊට අමතරව විද්‍යා, තාක්ෂණික, අධ්‍යාපනික සහ ගණිතමය විෂය ධාරා ඔස්සේ පාඨමාලාද, මේකස්පේස් පාඨමාලා ද ‘ඇමෙරිකානු පියස’ තුළදී පැවැත්වේ.  මේකස්පේස් යනු ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර, මෘදුකාංග, විද්‍යුත් උපකරණ සහ දෘඩාංග සැපයුම් සහ මෙවලම් ආධාරයෙන් තනි තනිව අනුගමනය කරනු ලබන නිර්මාණශීලි නිපැයුම් සහ ඉගෙනුම් වැඩි දියුණු කරගත හැකි පුහුණු පාඨමාලාවකි. එමෙන්ම ඇමෙරිකානු පියස තුළ දී නායකත්ව පුහුණු පාඨමාලා, ඡායාරූපකරණ පුහුණුවීම් සහ සමාජ මාධ්‍ය ජාල පිළිබඳ පුහුණු වැඩසටහන් ද දියත් කිරීමට නියමිතය. 

මාතර ඇමෙරිකානු පියසට පැමිණීමෙන් ඇමෙරිකාවේ අධ්‍යාපන අවස්ථා පිළිබඳ තොරතුරු ලබාගැනීමට ද හැකියාව ඇත.

ඇමෙරිකානු පියසේ ඇති පුස්තකාලය පොත්පත්, ලිපි 20,000කින් වැඩි සංඛ්‍යාවකින් සමන්විත අතර ඉංග්‍රීසි ඉගැනුම් වැඩසටහන් සහ චිත්‍රපටවලින් ද සමන්විතය. 

ඇමෙරිකානු පියස විවෘත කිරීමේ අවස්ථාවට සමගාමීව මාතර ප්‍රදේශයේ පාසල් හතකට පොත් බෙදාදීමක් ද සිදු කෙරුණි.

මෙහිදි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනි බී. ටෙප්ලිට්ස් මහත්මිය මාතර වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති මෙත්තා විදානගමාච්චි මහතාට සහ මාතර ඇමෙරිකානු පියසේ කළමනාකරු වන ශානක ප්‍රේමරත්න මහතාට ඇගයීම් සහතික පිරිනැමුවාය.

මාතර වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති මෙත්තා විදානගමාච්චි මහතා මෙහිදි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනි බී. ටෙප්ලිට්ස් මහත්මියට සමරු තිළිණයක් පිළිගැන්වූ අතර මාතර වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නජීබ් ඩීන් මහතා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට සමරු තිළිණයක් පිළිගැන්වීය.

මෙම නව ඇමෙරිකානු පියසට පෙර පැවැතියේ කොළඹ ඇමෙරිකානු මධ්‍යස්ථානය සහ යාපනය හා මහනුවර පිහිටි ඇමෙරිකානු පියස් පමණි. 

 කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන්, මාතර වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ නිලධාරීන්, රුහුණ විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් පැමිණි ආචාර්යවරුන් සහ සිසුන්, මාතර ප්‍රදේශයේ පාසල් නියෝජනය කරමින් පැමිණි සිසු සිසුවියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. 

ඡායාරූප  - ජයමාල් චන්ද්‍රසිරි

 

 



අදහස් (3)

තුන්වන ඇමෙරිකානු පියස මාතරදී විවෘත කරයි

chandima Wednesday, 27 February 2019 08:47 PM

පුදුමයි අපේ කට්ටිය මල්මාලා දාගෙන විවුර්ත කරලා නම ගහගන්න නොගිය එක. සමහර වෙලාවට ඉංගිරිසියෙන් කතාකරයි කියල බය හිතෙන්න ඇති. නැත්නම් ඔතන මරාගන්නවා විවුර්ත කරන්න. ආරාධනා නොකලත් යනවා.

:       1       110

Sarath r Thursday, 28 February 2019 02:33 AM

අපගේ උණුසුම් සුබ ප්‍රර්ථනා!

:       183       25

dhamneth Friday, 01 March 2019 03:50 PM

මෙතන හාමුදුරුවෝ වාඩිවී සිටින පුටුවට පිරුවටයක් එලා තිබෙන බවක් පෙනෙන්නේ නැහැ. පිරුවටයක් එලා නොතිබුණා නම් හාමුදුරුවන්ට තිබුනේ වාඩි නොවී සිටින්න. සංවිධායකවරුන්ගෙන් අඩුපාඩු තිබෙන බව දැනගන්න...

:       53       70

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 372 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 434 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 404 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site