IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ණයවර කොන්දේසි-ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් හඳුන්වා දී ලංකා ඇළුමිනියම් සිල්ලර අලෙවි අංශය වැඩිදියුණු කරයි

ඩිනාල් පීරිස් - සභාපති, ලංකා ඇළුමිනියම් ඉන්ඩස්ට්‍රීස් පීඑල්සී

දිවයින පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කෙරෙමින් තිබෙන තම සිල්ලර අලෙවිසල් ජාලය හරහා පාරිභෝගිකයන්ට ණයවර කොන්දේසි (credit terms)හඳුන්වා දීමට සහ ක්‍රෙඩිට් කාඩ්පත් හරහා ගෙවීම් කිරීමේ පහසුකම් ලබා දීමට ඇළුමිනියම් එක්ස්ට්‍රෘෂන් සඳහා වසර 35ක කාලයක් තිස්සේ මෙරට පුරෝගාමී සන්නාමය වන ලංකා ඇළුමිනියම් ඉන්ඩස්ට්‍රීස් පීඑල්සී පියවර ගනී. 

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා ඇළුමිනියම් හි සභාපති ඩිනාල් පීරිස් මෙසේ පැවසීය. “සිල්ලර අලෙවිහල්වල බහුලව අලෙවි කෙරෙන වඩාත් සාමාන්‍ය ගෘහනිර්මාණ ද්‍රව්‍ය හා ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහා වන ඉල්ලු‍‍ම වර්ධනය වෙමින් තිබෙන බව අපට පෙනී ගොස් තිබෙනවා. ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම සඳහා, රටපුරා පිහිටි අපගේ සිල්ලර අලෙවිහල් ජාලය හරහා තෝරාගත් පාරිභෝගිකයන් වෙනුවෙන් ණයවර කොන්දේසි වගේම ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ගෙවීමේ පහසුකම ලබාදීමත් සිදු කරනවා.” 

ලංකා ඇළුමිනියම් මේ දක්වා ඇළුමිනියම් එක්ස්ට්‍රෘෂන් විසඳුම් ලබාදී ඇති මෙරට පිළිගත් හා සංකේතාත්මක ගොඩනැගිලි අතරට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකර ඇති ගොඩනැගිලි ගණනාවක්ම අයත් වේ. එමෙන්ම, තාක්ෂණික සහාය, සුළං බල ගණනය කිරීම් හා එකලස් කිරීමේ සටහන් සපයමින් සේවාලාභීන්ට තවදුරටත් සහාය ලබා දෙයි.

මහල් ගොඩනැගිලි අංශයෙහි වර්ධනයක් සිදු නොවීම හේතුවෙන් සිල්ලර අංශය වෙත වැඩි අවධානයක් යොමු කිරීමට සමාගම තීරණය කර ඇත.

“අප සතුව ඇති ප්‍රබල තාක්ෂණික කුසලතා භාවිත කිරීමටත්, අපගේ පුළුල් දොර හා ජනේල එකතුව අතරින් මිල අධිකම නිෂ්පාදනය වෙනුවට වඩාත්ම සුදුසු නිෂ්පාදනය පාරිභෝගිකයන්, විශේෂයෙන් නිවාස ඉදිකරන්නන්, වෙනුවෙන් තෝරාදීමටත් අපි සහාය වෙනවා” යැයි ලංකා ඇළුමිනියම් හි සිල්ලර අලෙවි ප්‍රධානී සුසන්ත පරණගම පැවසීය.

“ඒ හරහා හොඳම නිෂ්පාදනය ලබාගැනීමට මෙන්ම මුදල් ඉතිරි කරගැනීමට ද පාරිභෝගිකයන්ට උදව් වෙන අතර, එමගින් ඔවුන්ගේ විශ්වාසය හා පැහැදීම ගොඩනැංවීම සිදු කෙරෙනවා. ඔවුන්ට අවශ්‍ය එකලස් කිරීමේ සටහන් වගේම සුදුසු නිර්මාණකරුවන් හඳුන්වාදීමත් අප සිදු කරනවා” යනුවෙන් ඔහු කියා සිටියේය.

“අපගේ වටිනා පාරිභෝගිකයන් වෙත මෙම සේවා හා පහසුකම් නොමිලයේ ලබාදී ඔවුන් සමග දීර්ඝකාලීන සබඳතා ගොඩනංවා ගනිමින්, විශේෂයෙන් නිවාස ඉදිකරන්නන් අතර ඇළුමිනියම් දොරවල් හා ජනේල භාවිතය වර්ධනය කරගැනීමට පුළුවන්,” යැයි ද ඔහු කියා සිටියේය.

 



අදහස් (0)

ණයවර කොන්දේසි-ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් හඳුන්වා දී ලංකා ඇළුමිනියම් සිල්ලර අලෙවි අංශය වැඩිදියුණු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 566 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site